Posts

Showing posts with the label දකුණු පළාත් සභාව

මුතුහෙට්ටිගම දකුණු පළාත් සභාවේ මංගල සැසියේ බාල්දියක් පෙරළයි

Image
(2009 නොවැම්බර් 05 - W3Lanka )   මේ දිනවල දකුණු පළාත් සභාවෙන් ලංකාවට ම වි‍නෝදය සපයන නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා අද බලහත්කාරයෙන් පළාත් සභාවේ සභාපත් අසුනේ හිඳගැනීම හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් ඔහු අසුනෙන් බිමට තල්ලු කිරීම නිසා ඇති වූ කලබැගෑනිය මැද අද දකකුණු පළාත් සභාවේ මංගල රැස්වීම අනන්දජනක ලෙස නිමාවක් දුටුවේය. ආණ්ඩු පක්ෂය සභාපති තනතුර සඳහා මොහාන් සිල්වාගේ නම යෝජනා කළ අතර එක්සත් ජාතික පක්ෂය නිශාන්ත මුතුහෙට්ටිගමගේ නම යෝජනා කළේය. නම ස්ථිර වීමටත් පෙර මුතුහෙට්ටිගම අසුන්ගත වීම හේතුවෙන් සභාවේ කාලගෝට්ටිය ඇති විය.  ජනාධිපතිවරණයේදී නිශාන්ත 'මහින්ද අයියාට' අත දිග හැර වියදම් කර දකුණේ මහ ඇමතිකම අපේක්ෂා කළේය. එහෙත් 'මහින්ද අයියා' එයට උදව් කළේ නැති නිසා ඔහු කුපිත වී සිටියි.  පළාත් සභා වෙනුවෙන් ජනතාවගේ බදු මුදලින් කරන වියදම් වෙනුවෙන් ඔවුන් ආපසු ලබා දෙන්නේ මෙවැනි විනෝද සමයන් පමණි.

දකුණ තනිකර සිංහල පිරිමි පළාත් සභාවක්

Image
(2009 ඔක්තෝබර්  15 - W3Lanka ) පසුගිය මැතිවරණයෙන් තේරී පත් වී සිටින දකුණු පළාත් සභාව තනිකර සිංහල හා අනර්කලී ආකර්ශා හැර අන් කිසිදු කාන්තා නියෝජනයක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සිංහල, පිරිමි ආධිපත්‍යයෙන් යුත් පළාත් සභාවකි. ගාල්ල, හම්බන්තොට වැනි විශාල මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ප්‍රදේශ තිබුණත් දකුණු පළාත් සභාවේ කිසිදු මුස්ලිම් මන්ත්‍රීවරයකු තේරී පත් වී නැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගාල්ල හා මාතර දිස්ත්‍රික් සඳහා වෙන ම තරග කිරීම හා ප්‍රධාන පක්ෂ මුස්ලිම් අපේක්ෂකයින්ට වැඩි ඉඩක් නො දීම මෙම තත්වයට හේතුවයි.  ගාල්ල දිස්ත්‍රික්කයේ 3.6%ක් ද, මාතර 3%ක් හා හම්බන්තොට 2.5%ක් මුස්ලිම් ජනයා වෙසෙති. සුළු දෙමළ ජනගහණයක් ද දකුණු පළාතේ විසිර ජිවත් වෙති. ඔවුන්ට ද පළාත් සභාවේ නියෝජනයක් නැත.