Posts

Showing posts with the label තොරතුරු දැනගැනීමේ අයිතිය

මාධ්‍ය වාරණයේ නිරුවත (දිවයිනේ පළ වූ හොඳ ලිපියක්)

මාපා තිලකසූරිය - පාරේ තිබූ මළ සිරුරක්‌ ගැන කරුණු සෙවීමට ගිය "දිවයින" පත්‍රයේ මාපලගම මාධ්‍යවේදී ගුණපාල කාරියවසම් මහතා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පා තිබේ. ගුණපාල මහතා මළ සිරුර ගැන පොලිසියෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන ලෙසයි. ඒ සඳහා ඔහුට ලබාදුන් දුරකථන අංකය අංක එකොළහකින් සමන්විත බවද ඔහු පවසයි. ප්‍රාදේශීය මාධ්‍යවේදියකු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකගෙන් එවැනි තොරතුරක්‌ විමසුවේ නම් ඔහුට නිසි පිළිතුරක්‌ නොලැබීමට ඉඩ තිබේ. "අර අංකයට කතා කරන්න" මේ අංකයට කතා කරන්න" සීට්‌ එකේ නැහැ" ආදී දහසකුත් පිළිතුරුය. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක්‌ නොව වෘත්තීය පත්‍ර කලාවේදීන් ද සිය වෘත්තිය කරගෙන යැමේදී ඔවුන්ට බලපානු ලබන ප්‍රබල ගැටලුවකි තොරතුරු දැන ගැනීමට තිබෙන අපහසු බව. තොර...