Posts

Showing posts with the label තෙල් සංස්ථාව

තෙල් සංස්ථා සේවක අකුරට වැඩ නිසා රට පුරා ඉන්ධන හිඟ වේ

‍ (2009 ඔක්තෝබර්  22 - W3Lanka ) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය හේතුවෙන් අද සවස වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සිපෙට්කෝ තෙල් පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී අලුත් සැපයුම් ලැබීම පමා වී තිබිණි. මේ හේතුවෙන් අනෙක් ඉන්ධන සැපයුම්කරුවා වන ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. වැටුප් වැඩි වීමක් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ සිටින තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති සමග ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සංවර්ධන ඇමති ඒ.එච්.එම්. ෆවුසි පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ අතර ඔක්තෝබර් 26දා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන තෙක් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නතර කරන ලෙස ඇමතිවරයා කළ ඉල්ලීම ද වෘත්තීය සමිති විසින් ඉවත දමන ලදී.  හෙට වන විට දිවයින පුරා උග්‍ර ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ‍වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.