Posts

Showing posts with the label තෙන්නමරවාඩිය

තෙන්නමරවාඩිය ගැන මතකය

Image
ස්තුතියි‍: සිලෝන් ටුඩේ / මාධව කුලසූරිය තෙන්නමරවාඩියට ගිය මේ ගමන මතක් වුණේ මෙන්න මේ ඡායාරූපය දැකලා. තෙන්නමරවාඩිය කියන්නේ මුලතිව්වලට දකුණින් නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව අද්දර පිහිටි ගමක්. එතැනට ගියේ මම පදවියේ වැඩ කරපු, යුද්ධය උත්සන්න වෙලා තිබුණු 1995 හෝ 1996 වගේ කාලෙ. එතකොට මම පදවියේ ලංකාදීප හා යුක්තිය වාර්තාකරු ලෙස වැඩ කළා.මම ඒ ගමන ගැන යුක්තියට ලිව්වා මතකයි. පදවි පරාක්‍රමපුර හිටි, හමුදාවේ නිලධාරීන් සමග යාලුකම් තිබුණු ව්‍යාපාරිකයකු වූ සනත් එක්ක තමයි මම ගමන ගියේ. සනත්ගේ නැගණියක් ඒ දිනවල මම උගන්වපු පන්තියක හිටියා.  පදවි ශ්‍රීපුර පසු කරලා සිංහපුර කියන පැරණි හමුදා කඳවුරකුත් පිහිටා තිබෙන පැරණි සිංහල ගම පසු කරලා කැළෑබද පාරකයි කෝකිලායි ආසන්නයට යන්න ඕනැ. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයි ද කියන්න බැහැ. සනත්ගේ සීඩී 125 ට්වින් බයිසිකලයෙන් වලවල වැටි වැටී ගිහින් කෝකිලායි කලපුවේ මෙහා කෙළවරේ තොටුපලටත් ගිහින් ධීවරයන් කී‍පදෙනෙකුත් එක්කත් කතා කරලා, කොක්කුතුඩුවායි කියන ගමේ හමුදා කඳවුරෙන් දවල්ට බතුත් කාලායි ආවේ. ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ. ගමක් කිව්වා...