Posts

Showing posts with the label තිලකරත්න ඩිල්ෂාන්

ආරක්ෂාව බල්ලාට දමා නිදහසේ අඩියක් ගැසූ සනත්, ඩිල්ෂාන් මෙන්න ඔබට අපෙන් සුබපැතුම්!

Image
(2009 දෙසැම්බර් 24 - W3Lanka ) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ක්‍රීඩකයන් සත්දෙනෙක් කළමනාකාර බ්‍රෙන්ඩන් කුරුප්පුගේ හෝ ආරක්ෂක නිලධාරීන්ගේ අවසරයකින් තොරව, ආරක්ෂාවකින් තොරව සිව්වන එක්දින තරගයට පෙර රාත්‍රී 11ට පමණ කල්කටාහි හෝටලයෙන් පිට වී රාත්‍රී වි‍නෝද චාරිකාවක් යාම ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙම ක්‍රීඩකයන් අතරින් පසුදෙනෙක් ඉක්මණින් ආපසු පැමිණ තිබේ. එහෙත්, සනත් සහ ඩිල්ෂාන් රෑ 2 පමණ වනතුරු මධුවිතෙන් සප්පායම් වී නිදහස භුක්ති විඳ තිබේ. පුද්ගල නිදහස වෙනුවෙන් ඊනියා ආරක්ෂාවට පයින් ගැසූ ඒ නිදහස්කාමී ක්‍රීඩකයන්ට අපි සුබ පතමු.  ක්‍රීඩාව මෙන් ම ජීවිතය ද ඇත්තේ විඳින්නට ය.