Posts

Showing posts with the label තමිල්නාඩුව

සිංහලයන් යථාර්ථය තේරුම් ගන්න විනාශයක් ඉල්ලා සිටීම

කොළඹදී පැවැත්වුණු ජනමාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැදගත් ප්‍රකාශයක් කළා. ඒ තමයි, ලංකාවට නවදිල්ලියට වඩා වැදගත් තමිල්නාඩුවය කියන එක.  තමිල්නාඩුව හොඳින් තියාගන්න ඕනැනම් 'ශ්‍රී' ලංකාව හෙවත් සිංහල මූලික රාජ්‍යය දෙමළ ජනයාට සාධාරණව සලකන්න ඕනැ. ඒක වෙන්න නම් රාජ්‍යයේ සිංහල මූලිකත්වය වෙනස් වෙන්න ඕනැ. සියලු ජාතීන්ගේ සමානත්වය තහවුරු වෙන්න ඕනැ. දෙමළ කතා කරන ජනයා ඇතුළු සුළුජාතීන් ලංකා රාජ්‍යයේ සැබෑ පාර්ශ්වකරුවන් පිරිසක් බවට පත් කරගන්න ඕනැ. හොඳයි, 'ශ්‍රී' ලංකාව එසේ කරගන්න අසමත් වුණොත් කුමක් වේවිද? සිංහල නායකයෝ බලාපොරොත්තු වන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව හැමදාමත් තමිල්නාඩුව එක්ක කරන සෙල්ලම මෙහෙමම පවතියි කියලා. තමිල්නාඩුවේ දෙමළ දේශපාලකයන් තමන්ගේ ජනතාවත් සමග කරන සෙල්ලමත් හැමදාම මෙහෙමම පවතියි කියලා. ඒත්, දැන් මේක එක්තරා උච්ච ස්ථානයකට ඇවිත් තිබෙන්නේ. තමිල්නාඩුවේ බලපෑම තවදුරටත් නොතකා හරින්න බැරි තැනකට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව එන්න කිට්ටුයි දැන්. ඒ තත්වය තුළ ලංකාවටත් එක්සත් ජාතීන් සමග කරන සෙල්ලම හැමදාම මෙහෙම කරගෙන යන්න පුළුවන්ද යන ප්‍රශ්නය එනවා. පිටින් හිරවෙනකොට ...