අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි
දක්ෂිණ අධිවේගී මාර්ගය අද විවෘත වේ. එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය. එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය. මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි. කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය. මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්න...