ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝසිටීම ආඩම්බරයකි / Northern Tamils unbound before fraudulent politics of Sri Lanka
(2011 ජුලි 24, W3Lanka ) ආණ්ඩුව උතුරේ පළාත් පාලන ආයතන ටික දිනා ගැනීම සඳහා උපරිම බලය පාවිච්චි කළේ ය. හමුදාව ද ඡන්ද ප්රචාරයේ යෙදුණේ ය. භීෂණය ඇති කරමින් විරුද්ධ පක්ෂවල මැතිවරණ ප්රචාරක කටයුතුවලට බාධා කළෙ ය. ඩග්ලස් දේවානන්දාගේ අතුරු හමුදාව නිදහසේ මැර බලය පාවිච්චි කළේ ය. බැසිල් රාජපක්ෂ යාපනයේ පදිංචිව සිටිමින් ඡන්ද ප්රචාරයේ යෙදුණේ ය. ජනාධිපතිවරයා ද යාපනයේ හා කිලිනොච්චියේ ඡන්ද ප්රචාරක රැළි ඇමතූ අතර බස්වලින් ඒවාට සෙනග එකතු කර ගත්තේ ය. ජනමාධ්‍ය හරහා විශාල සංවර්ධනයක් මවා පෑවේ ය. ඒත් අන්තිමේදී සිදු වී ඇත්තේ කුමක් ද? යාපනයේ ඡන්ද ප්‍රතිඵල මෙතැනින් බලන්න. ආණ්ඩුවට යාපනයෙන් ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 35,000ට අඩු ය. කිලිනොච්චි, මුලතිව් තත්වය මීටත් අන්ත ය. මේ එක් ඡන්දයක් වෙනුවෙන් ආණ්ඩුව රු. ලක්ෂයක්වත් වැය කරන්නට ඇත. ආණ්ඩුවේ උතුරේ ජොකියා වන දේවානන්දා අන්තිම අසාර්ථක ය. ඔහුගේ අතුරු හම්දාවට පාලනයක් ඇත්තේ බූරුවන් සඳහා ප්‍රසිද්ධ ඩෙල්ෆ්ට් දූපතේ පමණි. මේ ප්‍රෝඩාවට නො රැවටෙන එක් ජන කොටසක් හෝ මේ රටේ සිටීම ඇත්තෙන් ම ආඩම්බරයකි. මේ ලි...