Posts

Showing posts with the label ඩී.බී.එස්. ජයරාජ්

රාජපක්ෂලා හා ‍ෆොන්සේකා අතර ගැටුම පිළිබඳ ඩී.බී.එස්. ජයරාජ්

Image
(2009 නොවැම්බර් 19 - W3Lanka ) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්නාඩ් මොන්ට්ගොමරි වින්ස්ටන් චර්චිල්ට එරෙහිව තරග කිරීම හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මැනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධිට එරෙහිව තරග කිරීම හා සමාන කරන ප්‍රකට දේශපාලන හා යුද විශ්ලේෂක ඩී.බී.එස්. ජයරාජ් මෙම කරුණු පෙළගැස්ම පිළිබඳව මෙසේ පවසයි. 1991දී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල් ධුරයෙන් සමුගෙන එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් සිය සහෝදරයාට හා රටට සේවය කිරීමටත්, කොටි සංවිධානය පරාජය කිරීමටත් ලංකාව‍ට පැමිණි අතර හිටපු හමුදාපති වූ මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර 2005 දෙසැම්බර් 6දා විශ්‍රාම යාමට සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කරනු ලැබුවේ ද, එතැන් සිට දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මතයි. මේ දෙදෙනා කලින් එකට මෙහෙයුම්වල යෙදුණු අය වන අතර ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස් වන විට සරත් ෆොන්සේකා ලුතිනන් කර්නල් තනතුරක් දැරීය.ෆොන්සේකා‍ රාජපක්ෂට වඩා එක් කණ්ඩායමක් ජ්‍යේෂ්ඨ විය. සරත...