දැන් ඉතින් සක්විතිට අපි කුමක් කරමුද? | What shall we do to Sakvithi Ranasinghe?
සක්විති රණසිංහ සිය කාර්යාලයේ මෙම ඡායාරූපය එල්ලාගෙන සිටියේ ය. ඔහු ජනාධිපතිවරයා වෙත රැගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ ජාවාරමේ හවුල්කරුවකු වන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයි. (2010 අගෝස්තු 07, W3Lanka ) අභය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් කුප්‍රකට වංචාකරු සක්විති රණසිංහ වාර්තා වන පරිදි කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි යි කියා මෙම සටහන පටන් ගන්නෙමු. එවිට පිරිසකට මළ පනින බව දනිමු. එහෙත් එය ඇත්තකි. මූලික වශයෙන් ලංකාවේ දිළිඳු ජනයාගෙන් සූරා කනු ලබන බදු මුදලින් පුනරාවර්තන වියදම් මුළුමනින් ම සපුරා ගනිමින් උසස් පිළි ගැනීම් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන රාජකීය මට්ටමේ ඕනෑම පාසලකින් රාජ්‍ය පාලකයන් වැනි ප්‍රභූ ධනවතුන් මෙන් ම මෙවැනි පල් හොරුන් ද බිහි විය හැකි ය. ධනවාදය තුළ පල් හොරා සහ ප්‍රභූ ධනවතා අතර ඇත්තෙන් ම තිබෙන්නේ කෙස් ගසක වෙනසක් පමණි. මෙය හොඳින් පෙන්වා දුන් පුද්ගලයා ලලිත් කොතලාවලයි. ලංකාවේ බිල් ගේට්ස් ලෙස හැසිරුණු මේ ඊනියා ප්‍රභූවරයා එක රැයින් සක්විති රණසිංහ මට්ටමට වැටිණි. පබා වැල නාට්‍යයේ අන්තිම කොටස ඔබට මතකද? ත්‍රිරෝද රථයක් පදවමින් සිට පළාත් පාලන ඡ...