Posts

Showing posts with the label ඩී.එස්. රණවක

මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් 'මහාචාර්ය' රණවකගේ හොර උපාධි කඩය | 'Prof.' D.S. Ranawaka and Sri Lanka National Institute of Professional Counsellors

Image
වෛද්‍ය ලලිත් පෙරේරා (2010 ජුලි 10,  W3Lanka )  පසුගිය වසරේ මගේ මිත්‍රයෙක් ඔහුගේ බැනාට රැකියාවක් සොයා දෙනමෙන් මගෙන් ඉල්ලීමක් කරන ලදී . ඔහුගේ ජිව දත්ත සටහන අනුව මට පෙනීගියේ ඔහු වැඩි උගත්කමක් නැති අ. පො. ස. (සා. පෙළ) පමණක් සමත් අයෙකු බවය. කෙසේ වෙතත් ඔහුට උපකාරයක් කිරීමේ අභිලාශයෙන් යුතුව මම ඔහුව දන්නා හඳුනන ව්‍යාපාරිකයෙකුට යොමුකොට විකුණුම් නිලධාරියෙකු ලෙස පත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලීමි. රැකියාව ලැබුනත් ඔහුට එය වැඩි කල් පවත්වාගෙන යාමට නොහැකි විය. අකාර්යක්ෂමතාව හේතුවෙන් ඔහුව රැකියාවෙන් නෙරපන ලදී. කණගාටුවට පත්වූ මා පරිගණක පාඨමාලාවක් හදාරා තව තවත් සුදුසුකම් සපුරාගන්නා ලෙස ඔහුට අවවාද කලෙමි. මෑතකදී බලාපොරොත්තු රහිත ලෙස මට ඔහු මුණගැසුණු අතර මගේ අවවාද අනුව කටයුතු කලේදැයි විමසා සිටියෙමි. ඔහුගේ පිළිතුර වුයේ , ඔහු දැනට මනෝ චිකිත්සක උපදේශකයෙකු ලෙස සේවය කරන බවත්, ඔහුගේම මනෝ චිකිත්සක ආයතනයක් පවත්වා ගෙන යන බවත්ය. මෙම ප්‍රකාශයෙන් අතිශය පුදුමයට පත් මා, මනෝ චිකිත්සක උපදේශන සඳහා පුහුණු වුයේ කෙසේදැයි ප්‍රශ්න කෙළෙමි. ඔහු මට පවසා සිටියේ ඔහු ඩී. එස්. රණවක මහතා යටතේ ශ්‍රී ලංකා වෘත්තීය මනෝ චිකි...