Posts

Showing posts with the label ඩ්‍රීම් ස්ටාර්

නිරෝෂා විරාජිනීට නම් දෙරණෙන් සිහින කුමාරයා හමු විය; අනෙක් මල්ලිලා නංගිලා හුගකට සොරි ය

Image
(අගෝස්තු 18, 2009 - W3Lanka) යව්වනයේ සිහින හඹා යන තාරකා පෙළහරකැයි කියන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන විනිශ්චයකාරියක වන නිරෝෂා විරාජිනීට තම සිහින කුමරා දෙරණෙන් ම හමු වී තිබේ.  යසන්ත නාවුල්ලගේ නම් ‘දෙරණ’ රූපවාහිනි ආයතනයේ සැලැසුම් ප්‍රධානියා සමග ජුලි 29දා අතිනත ගත් නිරෝෂා දැන් අනාගතය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.  නිරෝෂා කලක් කැපවීමෙන් යුතුව ගායනයේ යෙදුණු සැබෑ කලාකාරියක වන අතර දැන් අපට ඇය දකින්නට ලැබෙන්නේ දෙරණ කැමරා ඉදිරියේ විනිශ්චයකාරවරියක ලෙස කරන රංගනයෙනි.  ගී ගැයීමේ හැකියාව ඇති යව්වනයන්ට සිහින දකින්නට සලස්වා ඉඳහිට එකෙකු දෙන්නෙකු රජ කරවිම දැන් ලංකාවේ විද්‍යුත් මාධ්‍යවල ප්‍රධාන කාර්යය වී තිබේ. ගී ගයන්නට බැරි තරුණ තරුණියන් සඳහා නැටීම, අනුකරණය ආදී ගොනුන්ට ඇන්දවීමේ තවත් ක්‍රම ද දැන් අත්හදා බලමින් තිබේ. මෙම වැඩසටහන්වල නිෂ්පාදන වියදම් ඉතා අඩු ය. ඇඳුම්, ප්‍රවාහනය හා ශිල්පීන්ගේ ගාස්තු වැනි වැඩසටහන් සඳහා යන වියදම්වලින් විශාල ප්‍රමාණයක් දරා ගන්නේ සිහින හඹා යන කුමර කුමරියන් විසිනි. නගරවල කටවුට් ගසමින්, තම තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට කියමින් මෙම වැඩසටහන් නොමිළේ ම මාකට් කිරීම...