ඩෙංගුවලින් බේරී වකුගඩුව කුණු කර ගත හැකි පොලිතින් ගින්න | Dioxin issued when burning polythene is hazardous
( 2010 සැප්තැම්බර් 14, W3Lanka ) අධික ලෙස ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය සමග පාරිභෝජන, සමාජ, සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ප්ලාස්ටික් හා පොලිතින් පාරිසරික පමණක් නො ව සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඩෙංගු මරිදනය සඳහා යොදවා තිබෙන නිලධාරීන් දෙන ප්‍රධාන උපදෙසක් වන්නේ කසල ගොඩවල ඇති පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තැබීමයි. මේ හේතුවෙන් බොහෝ අය ඉවත ලන ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීමට පෙළඹෙති. එහෙත්, ප්ලාස්ටික්, පොලිතින් ගිනි තැබීම සමස්ත සමාජයට ම එරෙහිව කරන අපරාධයකි. එයට හේතුව පොලිතින්, ප්ලාස්ටික් දහනයේදී නිකුත් වන ඩයොක්සින් රසායනිකය මිනිස් සිරුරට දැඩි ලෙස අහිතකර වීමයි. පරිසර අමාත්‍යංශයේ කයිවාරු කෙසේ වෙතත්, ඉවත ලන ප්ලාස්ටික් පොලිතින් විධිමත් ලෙස බැහැර කිරීමේ ක්‍රම රට පුරා ක්‍රියාත්මක වන්නේ නැත. පහත පළ වන්නේ දිවයින පුවත්පතේ පළ වූ ලිපියකින් උපුටා ගත් වැදගත් කොටස් කීපයකි. මුළු ලිපිය ම කියවීම පිණිස මෙතැන ක්ලික් කරන්න. කාබන්, නයිට්‍රජන්, ඔක්‌සිජන් සහ ක්‌ලෝරීන් අඩංගු ද්‍රව්‍ය විවෘත පරිසරයක් තුළදී දහනය කිරීමෙන් ඇතිවන වායුමය ප්‍රතිඵලයකි ඩයොක්‌සින්. දැනට සොයාගෙන ඇති ආක...