Posts

Showing posts with the label ඩබ්. ඩී. ජෝන් සෙනෙවිරත්න

විදුලිය විසන්ධි වීම නිසා ජෝන්ට අස්වෙන්න වෙයි ද?

Image
(2009 ඔක්තෝබර්  09 - W3Lanka ) අද පාන්දර සිට පැය ගණනාවක් තිස්සේ මුළු දිවයින පුරා ම විදුලිය විසන්ධි වීම හා එහි ප්‍රතිඵලයක් ලෙස ජල සැපයුම, ඉන්ධන සැපයුමආදිය අඩු වීම හේතුවෙන් ජන ජීවිතය අඩාල වීම පිළිබඳ වගකීම භාර ගෙන ඉල්ලා අස් වන ලෙස විදුලි බල හා බල ශක්ති ඇමති ඩබ්. ඩී. ජෝන් සෙනෙවිරත්නට බලපෑම් සිදු වෙමින් ඇති බව වාර්තා‍ වේ. දකුණු පළාත් ඡන්දය කටේ මෙය සිදු වීමත්, ලංකා‍වේ ආර්ථික යටිතලය පිළිබඳ ඍණාත්මක චිත්‍රයක් ආයෝජකයන් තුළ ඇති වීමත් හේතුවෙන් රජය අපහසුතාවට පත්ව තිබේ. විදුලි බල හා බලශක්ති ඇමතිවරයා ඉල්ලා අස් වුවහොත් එම අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට හෝ බැසිල් රාජපක්ෂ එම තනතුරට පත් කිරීමට හෝ ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි. විදුලි විසන්ධි වීම සිදු වූයේ කැලනිතිස්ස විදුලි බලාගාරයේ තාක්ෂණික දෝෂයක් නිසා බව විදුලි බල මණ්ඩලය පවසයි.