Posts

Showing posts with the label ටැක්සි

රිම් එකෙන් යන ආණ්ඩුව ත්‍රිරෝදෙටත් කෙළ හළයි

Image
ලංකාවේ ණය බරින් කුජීත වී සිටින ආණ්ඩුව දැන් දැන් ජනතාවගේ ඉණ ඉහ අත ගෑමේ කාර්යයේදී ඉතා ම නිර්මානශීලී වීමට පටන් ගෙන තිබේ.  ආණ්ඩුව අලුතෙන් ම පිහිටුවන්නට යන අංශයක් වන්නේ තිරෝද කුලී රථ නියාමන කාර්යාංශයයි. විස්තර මෙතැනින් ඇත්තෙන් ම මෙය මෙතෙක් කල් කළේ නැත්තේ ඇයි ද යන්න පුදුමයකි. ලංකාවේ මිලියන භාගයක් පමණ ත්‍රිරෝද රථ තිබෙන්නට පුළුවන. සෑම නගරයක ම ත්‍රිරෝද රථ නැවතුම්පළවල් විශාල සංඛ්‍යාවක් ඇත.  ආණ්ඩුවට ත්‍රිරෝද රථ සඳහා මාර්ග බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එවිට එම බලපත්‍රය ලබා ගැනීම සඳහා තරුණයන්ට දේශපාලකයන් පසුපස යන්නට සිදු වන නිසා ඡන්දවලට වැඩ කරන්නට තරුණයන් සොයා ගන්නට ද පුළුවන.  එසේම, මෙම ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවලින් බදු අය කර ගැනීමේ කාර්යය සඳහා ඡන්දෙට වැඩ කළ රැකියාවක් සඳහා වෙන සුදුසුකමක් නැති රස්තියාදුකාරයන් සේවයේ යෙදවිය හැකි ය.  පොලිසිය ගහන දඩවලට අමතරව ත්‍රිරෝද රියදුරන්ට තව තව දඩ ද ගහන්නට පුළුවන.  මෙවැනි ‍නියාමන යාන්ත්‍රණ හදපු වෙනත් මහජන සේවා අංශවල මෙන් ත්‍රිරෝද රථවල ද සේවා තත්වය 'උසස්' වනු නියත ය.  ජනතාව වැඩි දුරටත් සුඛිත මුදිත වනු ඇත....

ත්‍රිරෝද රථයට අබිමන් - මහින්ද චින්තන 48 පිටුව

Image
(2011 ජුනි 22,   W3Lanka )   ලංකාවේ ත්‍රිරෝද රථ රියදුරන් අතරින් සැලකිය යුතු කොටසක් ලුම්පන් නිර්ධන පංතිකයෝ ය.අප මෙහි කරන සඳහන් අදාල වන්නේ එකී පාදඩ පංතියට මිස, මහත්මා අන්දමින් එකී රැකියාවේ යෙදෙන අයට නො වේ. ත්‍රිරෝද පැදවීමට වඩා කාලයක් ගාල්වල නිකරුණේ ගත කරන ඔවුහු රංඩු ගැසීම්, නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය හා අලෙවිය, මැරවරකම්, කාන්තාවන්ට අඩන්තේට්ටම් කිරීම, සොරකම් හා ඔත්තු බැලීම වැනි පාදඩ ක්‍රියාවල පැටලී සිටිති. ඔවුන්ගේ ස්වයං රැකියාව සැකසෙන්නේ මෙම අනිසි ආදායම් ද සමගිනි. මගීන්ගෙන් හිතුමතේ මුදල් ගසා කෑම සිය වෘත්තීය ආචාර ධර්මය කරගෙන සිටින මෙම පිරිස පසුගිය සමයේ ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට රජය දැරූ ප්‍රයත්නයට මාරාන්තික ලෙස විරුද්ධ වූ හ. මාර්ග නීති උල්ලංඝනය හා මහාමාර්ගයේ මැරවරකම් සම්බන්ධයෙන් ද ත්‍රිරෝද රියදුරෝ ප්‍රසිද්ධ ය.  ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් සැලකිය යුතු කොටසක් මේ ආණ්ඩුවට කඩේ යන මැරවරයෝ ය. ආණ්ඩුවටඋඅද්ඝෝෂණ, පෙළපාලි, මැරවරකම් ආදියට සෙනග අවශ්‍ය වූ විට පිරිස් එකතු කර ගන්නා ප්‍රධාන තැන් වන්නේ ත්‍රිරෝද රථ ගාල් ය. ඒවායේ ඇති ආණ්ඩු ගැති මැරවර පාලනය හමුවේ ඒවාට සම...