අපේ 'කොල්ලෙකු' දිනවන්න - ඔබත් මනාපයක් දෙන්න
(2011 අප්‍රේල් 18, W3Lanka ) ටයිම් සඟරාවට සිටින පාඨක පිරිස අතරින් වැඩි දෙනා ලාංකිකයන් බව ඔප්පු වෙමින් තිබේ. මේ පිටුව බලන්න . මෙහි ඇති කමෙන්ටු අතරින් වැඩි හරියක් ලංකාවේ ජනාධිපති ගැනයි. 'ටයිම් 100' ලෙස නම් කර ඇති මෙම තරගයේ තෝරන්නේ ලොව වඩා ම influential පුද්ගලයන් 100යි. influential people නම් යෙදුමෙහි අරුත දිනමිණේ කියන අන්දමට නම් 'ආකර්ෂණීය පුද්ගලයා' ය. දිවයිනේ සඳහන් වන අන්දමට නම් 'බලගතුම පුද්ගලයා' ය. ඒ වදන් තෝරා ගන්නට ඇත්තේ ඒ ඒ පුවත්පතේ කර්තෘවරුන්ගේ රාජ පක්ෂපාතිත්වයට සරිලන අන්දමින් වන්නට ඇත. අප ශබ්ද කෝෂ පරිශීලනය කර සොයා ගත් දේ අනුව influential යනු influence එකක් ඇති කිරීමේ හැකියාව තිබෙන යන අරුත දෙයි. ඒ අනුව, influential යන වදන ලේඛකයාට පරිවර්තනය කළ හැකි හොඳ ම ආකාරය වන්නේ 'බලපෑමක් ඇති කළ හැකි' යනුවෙනි. මේ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ලොව වැඩි ම බලපෑමක් ඇති කළ හැකි පුද්ගලයන් අතරින් පාඨක ඡන්දයෙන් සිව්වන ස්ථානයට තේරී පත් වී තිබේ. ඔහුට පළමු ස්ථානයට පත් වන්නට ඔබට ද උදව් කළ හැකි ය. ඔබේ මනාපය හෝ මනාප ලබා දීමට මෙතැනින් පුළුවන. බිය විය ...