Posts

Showing posts with the label ජෝන් අමරතුංග

රනිල් - ජෝන් - මහින්ද අශුද්ධ සන්ධානයක් ඇති වන හේතුව මෙන්න

Image
රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර අශුද්ධ සන්ධානයක් පිළිබඳ බරපතල සැකයක් මතු වේ. අපි මේ පිළිබඳව මුල් ම අනතුරු ඇඟවීම කළේ ජනවාරි 09 උදෑසන කුමන්ත්‍රණ සිද්ධි සමගයි. එම ලිපිය ‍මෙතැනින් කියවන්න >> ජන අරගලය පාවා දුන්නා ද? ආණ්ඩුව බලයට පත් වී මාසයකුත් සතියක් ඉක්ම ගොසිනි. දින සීයේ වැඩසටන තරමක් දුරට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබේ. එහෙත් එක් ප්‍රබල අඩුපාඩුවක් ඇත. ඒ රාජපක්ෂ රජයේ මහා වංචනිකයන්ට හා දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නො ලැබීමයි.  මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, යෝෂිත, රෝහිත අබේගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, දුමින්ද සිල්වා, මහින්ද බාලසූරිය වැනි අංක එකේ දූෂිතයෝ නිදැල්ලේ සිටිනවා පමණක් නොව  දැන් දැන් ඔවුන්ගේ ඇම්බැට්ටයෝ දූෂණ විරෝධී ජන බලවේගවලට කෝචොක් කිරීමට ද පටන් ගෙන තිබේ. " කෝ තොපි දූෂණ ඇල්ලුවා ද?" යි ප්‍රසිද්ධියේ අසන ඔවුහු ඉහත කී පුද්ගලයන් නිර්දෝෂී බව ප්‍රවර්ධනය කරන්නට එම තත්වය භාවිතා කරති.  එපමණකින් නො නැවතී මේ ප්‍රතිගාමීන් නැවත දේශපාලනයට ගෙන ඒම සඳහා පිඹුරුපත් ද සකස් කර තිබේ. පෙබරවාරි 18දා කොළඹදී පැවැත්වෙන රැළිය උදාහරණයකි.  මෙම තත්ව...

ජෝන් අමරතුංග මැරවරයා ඇමති ධුරයෙන් පහ කරනු!

Image
මහජන සාමය, ආපදා කළමණාකරන හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාව ඉතා ප්‍රගතිශීලී පියවරක් වන අතර විපක්ෂය එක් වී එම විශ්වාස භං‍ග යෝජනාව සම්මත කර ගත යුතු ය. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජෝන්ට එරෙහි විශ්වාස භංග‍ ‍යෝජනාව ගෙන එනුයේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය වගකීම ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් බවයි. ජෝන් අමරතුංග විසින් මෙහෙයවන ලද මැරවර පිරිසක් ජනවාරි 30දා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට සභා ගර්භය තුළදීත් ඉන් පිටතදීත් පහර දුන් හ. සභාවේ වැඩ කටයුතු කරගෙන යන්නට ඉඩ නො දුන් හ. මෙම සිද්ධිය පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා පළාත් සභා රැස්වීමේදී විස්තර කරන්නේ මෙසේ ය: "30දා වත්තල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ජෝන් අමරතුංග ඇමැතිවරයා පිළිගැනීමට යැයි පවසා උත්සවයක් පවත්වා ඇති අතර එයට ජෝන් අමරතුංග මහතා පැමිණ ඇත්තේ ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා සමඟය. ප්‍රාදේශීය සභාව ආරම්භ කිරීමට තිබුණේ පෙරවරු 9.30ට වන අතර ඇමැතිවරයා...