විකිලීක්ස් හා රාජපක්ෂ පාලනයේ අනාගතය | Wikileaks and the future of Rajapaksha regime of Sri Lanka
විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසේන්ජ් ( 2010 දෙසැම්බර් 03, W3Lanka ) විකිලීක්ස් වෙබ් අඩවියේ ලංකාව පිළිබඳ පළ වී ඇති තොරතුරු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හා රාජපක්ෂ පාලනයේ අනාගතය සම්බන්ධයෙන් බටහිර ප්රතිපත්තිය හෙළිදරව් කරයි. ජනාධිපතිවරයාට හා තවත් අයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම පිළිබද හඬ පසුගිය දිනවල යම් දුරකට යටපත් වී තිබුණ ද, ජනාධිපතිවරයාගේ එඩිතර, අපරීක්ෂාකාරී බ්රිතාන්ය පෞද්ගලික චාරිකාව සමග එය යළි කරළියට පැමිණ ඇත. විකිලීක්ස් වෙබ් අඩවියේ පළ වී ඇති ඇමරිකානු තානාපති පැට්රීෂියා බියුටිනිස් විසින් 2010 ජනවාරි 15දා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද කේබල් පණිවුඩයක සඳහන් වන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ සහෝදරයා/යෝ සහ විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද අපරාධ වැරදිකරුවෝ ය. අව්යාජ සත්යය හෙළිදරව් කිරීමේ ක්රියාමාර්ගයක් පමා වීමට එය එක් හේතුවකි. එවැනි ක්රියාමාර්ගයක් පිළිබඳව එක්සත් ජනපද තානාපතිනිය මෙරට දෙමළ නායකයන් කිහිපදෙනෙකුගෙන් විමසා ඇති අතර ඔවුන්ගේ අදහස වී ඇත්තේ, විශේෂයෙන් ම ඔවුන් අනතුරට ලක් විය හැකි නිසා, මේ ඒ සඳහා කාලය නො වන බවයි. එහෙත්, අනාගත ...