සමස්ත සමාජයටම උමතුවක් වැළඳී ඇති කල සාමාන්‍ය මිනිසකු වීම සාපයකි
ආණ්ඩුවට ඕනෑ නැති බලයක් නැත. ඊ ය ේ දිවයින මුල් පුවතින් කියන පරිදි ජාතික පාසල්වල විදුහල්පති පත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටද ආණ්ඩුවට අවශ්‍යය. දැන් පවතින ක්‍රමවේදය අනුව, විදුහල්පති තනතුරක් පුරප්පාඩු වූ විට රාජ්‍ය සේවා කොමිෂම විසින් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් අනුව සුදුස්සකු තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වනු ලබන්නේ අන් කවරකු විසින්වත් න ොව අධ්‍යාපන අමාත්‍යංශය විසිනි. රාජ්‍ය ස ේ වා කොමිෂම විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ නිර්දේශය අනුව විදුහල්පති පත් කරනු ලැබේ. රාජ්‍ය සේවා කොමිෂමද පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. දැන් මේ ක්‍රමය ආණ්ඩුවට අප්සෙට් වී තිබේ. හේතුව අන් කිසිවක් නොව මෙම ක්‍රමය විනිවිද පෙනෙන එකක් වීමයි. විදුහල්පති තෝරාගැනීම පිණිස සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුය. දැන් ආණ්ඩුවට අවශ්‍ය මේ ක්‍රමවේද කිසිවක් නැතිව තමන්ට අවශ්‍ය පුද්ගලයා පත් කර ගතහැකි අමුතුම ක්‍රමවේදයකි. ඒ වෙනුවෙන්, දැනට පවතින නීති සංශෝධනය කරමින් නව නීති ගෙන එන්නට දැන් පාර්ලිමේන්තුව සූදානම් වෙමින් තිබේ. බලන්න කරන්න යන දේ. විධිමත් විනිවිද පෙනෙනසුළු ක්‍ර...