ගිලෙන නැවෙන් සුමනදාස අබේගුණවර්ධන ද පැන යයි
අබේගුණවර්ධනගේ ජ්‍යෝතිෂ කාර්යාලය ජනාධිපති විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ ධුරයකට පත් කරන ලද ජ්‍යෝතිෂකරුවකු වන සුමනදාස අබේගුණවර්ධන තනතුරින් ඉල්ලා අස් වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවකදී විනිවිද භාවයකින් තොරව ක්‍රියාකිරීම පිළිබඳව සිත් බිඳුණු බැවින් තමා ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වු බව ඔහු දිනමිණට කියා ඇත. එකී ගනුදෙනුව ඒ අන්දමින් කෙරෙන බව ඔහු ඇතුළු අධ්‍යක්ෂ බබාලා බොහෝ දෙනෙක් දන්නේ නැත. මේවා නම් මාර ම අධ්‍යක්ෂ මණ්ඩල ය. වැඩේ කියන්නේ ඔහුට එය ජ්‍යෝතිෂ හෝ වෙනත් මායාකාරී බලයකින් හෝ වෙන්නට පෙර නො පෙනීමයි. 2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ විසින් ජය ගනු ලබන බව වැනි මහාර්ඝ අනාවැකි කී මේ ජ්‍යෝතිෂකරුවා ජනාධිපතිවරයාගේ ආර්ථික අනාවැකිකරුවා ද යන්න අපි නො දනිමු. කෙසේ වෙතත්, ලංකාවේ ආර්ථික අනාගතය ගැන ඔහුගෙන් හරි හමන් අනාවැකියක් කියැවෙන බවක් නම් නො පෙනේ. සමහර විට ඔහු ජනාධිපතිතුමා තෑගි බෝග ලෙස දුන් මහජන මුදලින් වරප්‍රසාද ලබන තාන්න, මාන්නවලින් අස් වන්නට ඇත්තේ අනාගතයේ ඔහු ගැන හොඳ අනාවැකි කියන්නට බැරි නිසා වන්නටත් පුළුවන. නැතිනම් ගිලෙන නැවෙන් මීයන් පැන යන නි...