Posts

Showing posts with the label ජාතික ආදායම

ඔබේ ගෙදරත් මාසික ආදායම රු. ලක්ෂයක් ද?

Image
( 2010 නොවැම්බර් 28,  W3Lanka )  කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු ලෙස ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (26 දා) පාර්ලිමේන්තුවේ සභාගත කළ ලේඛනයක සඳහන් වන පරිදි 2009 වසරේ ලංකාවේ ඒකපුද්ගල ආදායම රුපියල් දෙලක්‌ෂ තිස්‌ පන්දහස්‌ නවසිය හතලිස්‌ පහක්‌ (235,945) බව ද ඒකපුද්ගල ණය බර රුපියල් එක්‌ලක්‌ෂ අනූදෙදහස්‌ නවසිය හතළිස්‌ දෙකක්‌ (192,942) ද වේ. 2016 වන විට රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4000ට හෙවත් රු. 448,000 දක්වා ඉහළ නංවන බව රජය පවසයි. 2016 වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වුණොත් මේ ඉලක්කය තවත් අසීරු වනු ඇත. දැනට එය පවතින්නේ රු. 235,945ක මට්ටමේ ය.  ඒක පුද්ගල ආදායම විසින් රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එයට හේතුව ආදායම් විෂමතාවයි. දැනට පවතින තත්වය අනුව පස්දෙනෙකුගෙන් සැදුම්ලත් සාමාන්‍ය පවුලක වසරේ ආදායම රු. 1,179,725ක් හෙවත් මාසික ආදායම රු. ලක්ෂයක් පමණ විය යුතු මුත් එසේ වන්නේ ලංකාවේ පවුල් කීයක ද? සෙනසුරාදා දිනමිණ කතුවැකියෙහි අපූරු රචනාවක් තිබිණි. එහි මාතාකාව 'ඔබට ඩොලර් හාරදහසක් ලැබුණොත්' යනු ය....