ජනාධිපති එක්සත් ජාතීන් අමතා කළ කතාව ගැන කතාවක් | A story on Sri Lanka President's speech to 65th UN general assembly
( 2010 සැප්තැම්බර් 24, W3Lanka ) එක්සත් ජාතීන්ගේ 65වන සමුළුව අමතමින් ලංකාවේ ජනාධිපතිවරයා කළ කතාවේ මෙම ප්‍රකාශය අඩංගු විය. "අන්තර් ජාතික මානුෂිය නීති නූතන අවශ්‍යතාවන්ට කොතරම් අනුකූලද යන්න අප හැදෑරිය යුතුය. එම නීති සම්පාදනය කළේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොව නීත්‍යානුකූලව බිහිවූ රාජ්‍යයන් අතර වූ සටන් පසුබිමක් තුළය." 'අන්තර් ජාතික මානුෂිය නීති' යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ යුද නීති, යුද චාරිත්‍ර හා සන්නද්ධ ගැටුම් සම්බන්ධ නීති ය. ජිනීවා සම්මුති, හේග් සම්මුති හා ඒවා පදනම් කරගෙන බිහි වූ ජාත්‍යන්තර නීති හා ගිවිසුම් ආදිය ද පිළි ගත් යුද සම්ප්‍රදායන් ද අන්තර් ජාතික මානුෂිය නීති ලෙස සැලකිය හැකි ය. එම නීති සකස් කරනු ලැබුවේ දබරකාරී රාජ්‍යයන් හා කණ්ඩායම්වලට මැදි වන ජනතාවගේ ජීවත් වීමේ නිදහස ඇතුළු වෙනත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටයි. මෙම නීති සකසනු ලැබුවේ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සටන් කළ රාජ්‍යයන් උදෙසා නොවේ යයි ජනාධිපතිවරයා පවසයි. එහෙත්, මෙම නීති බිහි වූයේ වනාහි ත්‍රස්තවාදය ලෙස නුතන ලෝකයේ අර්ථ දැක්වෙන ප්රපංචයට වඩා බෙහෙවින් කෲර වූ, රාජ්‍ය බලය යොදවා මිනි...