Posts

Showing posts with the label ජාත්‍යන්තර

චීනයට හිසරදයක් වූ උයිගුර් මුස්ලිම් ප්‍රශ්නය

Image
පසුගිය සතියේ සෙනසුරාදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මිං නගරයේ දුම්රිය ස්ථානයකදී පිහි අමෝරා ගත් ත්‍රස්තවාදීන් දසදෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් අතට හසු වන නිරායුධ සිවිල් වැසියන් 30කට වඩා කපා කොටා ඝාතනය කරනු ලැබුවා. තවත් සියයකට වඩා මෙම සිද්ධියෙන් තුවාල ලැබුවා. චීන බලධාරීන් ඒ පිළිබඳ චෝදනා කළේ උයිගුර් මුස්ලිම් බෙදුම්වාදීන්ටයි.  උයිගුර් මුස්ලිම් ත්‍රස්තවාදීන් විසින් චීන රජයේ නිලධාරීන්ට එරෙහිව මෙවැනි පිහි හා බෝම්බ ප්‍රහාර එල්ල කරනු ලැබීම එතරම් දුලබ සිද්ධියක් නොවෙයි. එහෙත්, සාමාන්‍යයෙන් එවැනි දේ සිදු වන්නේ ඔවුන් නැගෙනහිර තුර්කිස්තානය නමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින ෂිංජියෑංහියි. ඒත්, මේ ප්‍රහාරය සිදු වුණේ එහි සිට කිලෝමීටර් දහසකටත් වඩා දුර ඈත ප්‍රදේශයකදීයි.  උයිගුර් මුස්ලිම්වරුන් පවසන්නේ චීන රජය ඔවුන්ගේ ආගමික, සංස්කෘතික හා වානිජ නිදහසට බාධා කරන බවයි. පසුගිය ඔක්තෝබරයේදීත්, එකම පවුලේ උයිගුර් ජාතිකයන් තිදෙනෙකු විසින් ප්‍රසිද්ධ ටියෙනාන්මෙන් චතුරස්‍රයේදී සිය වාහනය ගිනි තබා ගනිමින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද මරා දමමින් සිය දිවි නසා ගත්තා.  ඊට කලින් අ‍ගෝස්තු මාසයේදී ෂින...

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය.  ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ. විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත. ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවු...