Posts

Showing posts with the label ජ්‍යොතිෂය

මගේ ජීවිතය අනතුරේ - ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බංඩාර

Image
(2009 නොවැම්බර් 20 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂට සිදු විය හැකි ජීවිත අනතුරක් හෝ තනතුරෙන් පහ කිරීමක් හෝ පිළිබඳව අනාවැකියක් කීම නිසා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය විසින් නිදහස් කරන ලද ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බංඩාර තම ජීවිතයට රජයෙන් හානියක් සිදු වීමට ඉඩ ඇති බව සිය කේන්ද්‍රයේ සඳහන් බව ඇමරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා ඇත. 2012 දක්වා කාලය තුළ තමා මෙම අනතුරට මුහුණ දිය හැකි බව 48 හැවිරිදි ජ්‍යොතිර්වේදියා පවසයි.ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඔහු නව දිනක් සිරභාරයේ තැබීමට රජය කටයුතු කළේය. ජනමාධ්‍යකරුවන්ගේ සිට මානුෂීය ආධාර සංවිධාන සේවකයන් දක්වා දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සහ හිංසනයට ලක් කිරීම ලංකාවේ අලුත් දෙයක් නො වන බව වොෂිංටන් පෝස්ට් පවසයි.