Posts

Showing posts with the label ජලචර ගුවන් යානා

පෞද්ගලික ජලචර ගුවන් සේවයක් වෙනුවෙන් මහජන මුදලින් යටිතල පහසුකම්

Image
ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය පාඩු ලබන ජලචර ගුවන් සේවය තව මාස හතරකින් පමණ වසා දමන බව සිවිල්  ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න මේ මාසයේ මුල හරියේදී පැවසී ය. දැනට කුලියට ගෙන ඇති ජලචර ගුවන් යානාවල බදු කාලය තව මාස හතරකින් අවසන් වූ පසු ශ්‍රී ලංකන්හි ජලචර ගුවන් සේවය ද අවසන් වේ.  ඉන් පසු එය පෞද්ගලික අංශයට බදු දීමට නියමිත ය.  හෙට (මැයි 21දා) ලංකාවේ පළමු ජලචර ගුවන් යානා තොටුපළ දඬුගම්ඔයේ විවෘත වන බව අද ඔබ්සවර් පුවත්පතේ පළ වී තිබේ. තේක්ක දැවෙන් හැදූ ජැටියක්, මගී පර්යන්තයක් හා වාහන නැවතුම් පහසුකම් සපිරි මෙම ජලචර ගුවන් තොටුපළ සෑදීම සඳහා රජය විශාල වියදමක් දැරී ය. එපමණක් නොව, දැනට 10ක් වූ රට පුරා ඇති ජලචර ගුවන් යානා ගොඩබෑම් හා නැංවීම් ස්ථාන සංඛ්‍යාව වසර අවසන් වන විට 20ක් දක්වා වැඩි කරන්නට ද සැලසුම් කර තිබේ.  සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නරක දෙයක් නො වේ. එහෙත් මේ කෙරෙන්නේ කුමක් ද? හෙට අනිද්දා දියත් කරනු ලබන පෞද්ගලික ව්‍යාපාරයක් සඳහා මහජන මුදලින් යටිතල පහසුකම් සකසා දීමයි.  දැනට ඇත් ආරංචි අනුව මෙකී ජලචර ගුවන් සේවාව ආරම්භ කරන්නට යන්නේ ද අර කට්ටි...