දෙමළ කිවි ජයපාලන් අල්ලා පිටුවහල් කිරීම
විදේශයක වාසය කරන ලංකාවේ ප්‍රකට දෙමළ කවියකු වන ව.අයි.ස. ජෙයපාලන් යාපනයේදී වීසා කොන්දේසි උල්ලංඝනය කළේ ය යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගැනීම පිළිබඳ සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නය පමණක් නොව. ජෙයපාලන් නම් විදේශිකයා වීසා රෙගුලාසි උල්ලංඝනය පිළිබඳ අත්අඩංගුවට ගැනීම නම් දේශපාලන ප්‍රශ්නය ද තිබේ. ඇත්තට ම ජෙයපාලන් විදේශිකයෙක් ද? ඔහු කිසියම් තත්වයක් මත ශ්‍රී ලාංකික නම් ජාතිය අත්හළ අයෙකි. එහෙත්, ඔහු තවමත් යම් දුරකට හෝ තමන් ලාංකික දෙමළ ජාතිකයකු ලෙස සලකයි. නීතිය ඉදිරියේ නම්, ඔහු ලාංකික පුරවැසිභාවය අතහැර දැන් නෝර්වේහි පුරවැසිභාවය ලබාගෙන සිටින නෝර්වේ ජාතිකයෙකි. සිය ජාතිය වෙනස් කිරීම මානව හිමිකමකි. එහෙත්, ජාතිය වෙනස් කළ පමණින් මිනිසුන්ගේ සියලු මුල් ඉදිරෙන්නේ නැත. අතීතකාමය, සංස්කෘතික බැඳීම්, දේශපාලනික කාරණා ආදිය නිසා මිනිස්සු දිගින් දිගට ම මුල් රට හා බැඳී සිටිති. පරම්පරා ගණනාවකට පසුව පවා මිනිස්සු මේ බැඳීම පවත්වාගෙන යති. අනෙක් පැත්තෙන් දේශපාලනික හා සමාජ හේතු මත සංක්‍රමණය වූ මිනිස්සු තමන්ගේ මුල් රටේ තමන්ට සංක්‍රමණය වන්නට හේතු වූ කාරණාවල වෙනස්කම් පිළිබඳ සංවේදී වෙති. එස...