Posts

Showing posts with the label ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ

ජොනීගේ රුවන් වැකි

Image
( 2010 ඔක්තෝබර් 18,  W3Lanka )  " ඔහුට (සරත් ෆොන්සේකාට) සමාව දිය යුතුයි කියා මම කොහෙත් ම කියන්නේ නැහැ. ඔහුට සමාව දෙනවා නම් හිරගෙවල්වල සිටින සෙසු පිරිසටත් සමාව දිය යුතුයි. අනෙක ඔහු අද හිර ගෙදර සිටින්නේ වංචාවක් කරලයි. මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ටෙන්ඩර් පරිපාටියට බැහැරව තම බලතල අනිසි ලෙස භාවිතා කරමින් ඔහු සිදුකර තිබෙන්නේ මහා මූල්‍ය වංචාවක්. මූල්‍ය වංචාවක් කළ කොයි පුද්ගලයාට ද අද සමාව ලැබිල තියෙන්නේ. සමාව දිය හැකි වැරැදි තිබෙනවා. එහෙත් සරත් ෆොන්සේකා සිදුකර ඇති වරද සමාව දිය හැකි වරදක් නෙවෙයි." -ජොන්ස්ටන් ප්‍රනාන්දු,  සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය දිනමිණ පුවත්පතෙන් ලංකාවේ සමාව දිය හැකි වැරදි අතරින් එකක් වන්නේ ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කිරීමයි. විස්තර සඳහා ඩේලි මිරර් පුවත්පතේ මෙම වාර්තාව කියවන්න. Bookmark, remember easily and come again   www.w3lanka.com

රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණ කළ ජොනීට තානාන්තර දෙන ලෝකෙන් උතුම් රට | Minister conspired regicide pardoned in Sri Lanka

Image
  ( 2010 අගෝස්තු 18,  W3Lanka )  අපේ ජනාධිපතිතුමා නම් බෝධිසත්වයෙකි. නැතිනම් මාර සත්වයෙකි. තමන් මරන්නට කුමන්ත්‍රණ කළ එකාට පවා සමාව දී ළඟට ගන්නට තරම් හේ අසම්මත චරිතයකි. රටක ජනාධිපති ඝාතනයට කුමන්ත්‍රණ කළ පුද්ගලයෙකුට කැබිනට් ඇමතිකමක් දෙන රටක් ඇත්නම් ඒ අනෙකක් නොව ලෝකෙන් උතුම් ම වන මේ රටයි. ඒ අනුව, රටේ රාජ්‍ය නායකයාව මරන්නට කුමන්ත්‍රණ කර බෙල්ල මුලින් ම මාට්ටු වූ එකෙක් දැන් රට පාලනය කරයි.  රටක රාජ්‍ය නායකයා මරන්නට කුමන්ත්‍රණය කිරීම එකී ඝාතකයාගේ හා ඔහුට ගොදුරු වන්නට සිටි රාජ්‍ය නායකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. එය රාජ්‍යය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙයින් මෙවැනි කරුණු දෙන්නා කතා කර සමථ කර ගැනීම කෙතරම් ආචාර ධාර්මික ද යන්න ගැටලුවකි. එහෙම වන්නේ කෙසේද යන්න රජය පැහැදිලි කර දිය යුතු ය. නැතිනම් සිදු වන්නේ නීතිය පිළිබඳ විශ්වාසය මුළුමනින් ම පළුදු වී යාමයි.  මොහු අනෙකෙකු නොව වත්මන් වෙළඳ හා පාරිභෝගික ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ය.  මේ බව හෙළි කරන්නේ අප නොව, රහස් පොලිසියයි. ජනාධිපති ඝාතනය කරන්නට ඇමති ජොන්ස්ටන් සමග කුමන්ත්‍රණ කළ පිරිස තව දුරටත් රඳවාගෙන පරීක්ෂා කිරීම ආරක්ෂක ඇමත...