ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? / Why is popular school competition?
ලබන වසරේ පළමුවැනි ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා එකම ළමයකුගෙන් හෝ ඉල්ලුම්පත් නොලැබූ පාසල් ගණන 124ක් බව ද ඉල්ලුම්පත් දහයට අඩුවෙන් ලැබුණ පාසල් 1522 තිබෙන බව ද අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අනාවරණය කරයි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 25ක පමණ තත්වය මෙසේ වෙද්දී ජනපි‍්‍රය පාසල් අතළොස්සක් සඳහා මරාගෙන මැරනෙ ඉල්ලුමක් තිබේ. මේ ජනප්‍රිය පාසල් තරගයට හේතුව කුමක් ද? ඇමති දෙමව්පියන්ට බනියි. දෙමව්පියෝ වනාහි වත්මන් සමාජය දුවන රැල්ලට යන පිරිසක් මිස උඩු ගං බලා පිහිනිය හැකි උත්තර මිනිස්සු නො වෙති. තමන්ගේ දරුවන්ට තමන්ට අත් පත් කර ගත හැකි හොඳ ම අධ්‍යාපනය ලබා දීම ඔවුන්ගේ අරමුණයි. එහෙත්, අවසානයේදී සිදු වී ඇත්තේ ගුරුවරියට එහා මෙහා යන්නට හෝ අපහසු තරමට ළමයින් තදබද වූ පංති කාමරයකට සිය දරුවා ගාල්කරන්නට මව්පියන්ට සිදු වීමයි. එතැනින් එහාට අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ කතා කිරීම පලක් නැත. ළමයින් සංඛ්‍යාව අඩු පාසලකට ඇතුළත් කිරීම අසරණකමක් ලෙස දෙමව්පියෝ තේරුම් ගනිති. අඩු ළමයින් සංඛ්‍යාවක් සිටින පංතිවල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නැංවීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව...