ලෝක නාට්‍ය දිනයේ අසඩක් නෙළුම් පොකුණේ දොර කලා රසිකයන්ට වසා දමයි
ජනකරළිය අද ලෝක නාට්‍ය දිනයයි. පරාක්‍රම නිරිඇල්ලගේ හුණුවටයේ කතාව නෙළුම් පොකුණේ රඟ දැක්වෙන බව ලංකාදීපයේ දැන්වීමක දැක සංවිධායක ජූඩ් ශ්‍රීමාල්ට දුරකථන ඇමතුමක් දුන්නේ එහි ටිකට් මිළ විමසා දැන ගැනීමටයි. මතුගම සිට කොළඹ ගොස් නෙළුම් පොකුණෙන් නාට්‍යයක් බලන්නට තිබෙන හැකියාව පිළිබඳ විමසීමට මට අවශ්‍ය විය. ලැබුණු පිළිතුර වන්නේ නාට්‍යය පෙන්වන්නේ ආරාධිතයන් වෙනුවෙන් පමණක් බව හා මේ වන විට ආරාධනා යවා අවසන් බවයි. 1984, 85 වකවානුවේ මම දෙහිවල කරගම්පිටියේ කාමරයක නැවතී කාර්මික පාඨමාලාවක් හදාරමින් සිටියෙමි. සිකුරාදා දිනවල මා ආපසු ගෙදර එන මුත්, මා කියන මේ සිකුරාදාවේ ලයනල් වෙන්ඩ්ට්හි පුන්තිලා නාට්‍යය පෙන්වන ලදී. මට එය බැලීමේ දැඩි උවමනාවක් තිබිණි. මා අත රුපියල් විසි පහක පමණ මුදලක් ඉතිරි වී තිබිණි. ඒ කාලයේ ජෝන් ද සිල්වා වැනි රඟහලක සාමාන්‍ය ටිකට් පතක් රුපියල් පහළොවක් පමණ විය. මට තරු පෙනුණේ ලයනල් වෙන්ඩ්ට් ගිය විට ය. පුන්තිලා නාට්‍යය රඟහල පුරා ම පෙන්වන ලද පිංතූර රාමු වේදිකාවෙන් මිදුණු නාට්‍යමය අත්දැකීමක් විය. එබැවින් එහි ආසන සැලසුම ද වෙනස් වූ අතර අඩු ම මිළ ටිකට් පතත් රුපියල් විසි ...