ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගයෙන් රෝ.ල. පියදාස මුල් තැනට
(2010 ජනවාරි 14 -W3Lanka) මේ දිනවල ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා ප්‍රතිශතය ප්‍රකාශයට පත් කිරීමේ ජනමත සමීක්ෂණ සුපර් ස්ටාර් තරගයක් රජයේ මාධ්‍යවල අනුග්‍රහයෙන් පැවැත්වේ. දැනට මෙම ජනමත් සමීක්ෂක සුපර් ස්ටාර් තරගයේ ඉදිරියෙන් සිටින්නේ කැලනිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ය. පහත පළ වන්නේ ඔහුගේ සමීක්ෂණය පිළිබද පසුගිය ජනවාරි 08දා අප පළ කළ වාර්තාවක කොටසකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිසුන් ඇතුළු සියයක පමණ සමීක්ෂණ කණ්ඩායමක් සමග අවුරුදු දහ අටේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි පිරිස් යොදාගෙන ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්ක විසිපහම නියෝජනය වන පරිදි ස්වාධීනව පවත්වන ලද පූර්ව සමීක්ෂණයක් අනුව, 73.32% ක් ප්‍රතාශ කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේ ජය ගන්නා බව යයි කථිකාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි. "විශ්‍රාමික ෆොන්සේකා මහතා ජයග්‍රහණය කරන බවට 24.17% ප්‍රමාණයක් පමණක් ප්‍රකාශ කරනු ලැබුවේ ය. මෙම සමීක්ෂණය අනුව යුද්ධය ජය ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වූ බවට 63.10% ක් ප්‍රකාශ කළ අතර ඒ සඳහා ෆොන්සේකා මහතා මුල් වූ බව ප්‍රකාශ කර ති...