Posts

Showing posts with the label ජගත් පුෂ්පකුමාර

ආන්ඩුවේ අලුත්ම ජනසතුකරණ පිස්සුවේ රෝග නිධානය කුමක්ද? / The drives behind peoplizations of Sri Lankan Mugabe government

පාලක රෙජිම පෙරේත ය. රටේ සියලු ධනය සියතට ගැනීමට ලොල් ය. එය කරන්නේ ජනසතු කරන මුවාවෙනි. මොනරාගල මන්ත්‍රී ජගත් පුෂ්පකුමාරගේ මැරවර පිරිසක් එජාප මන්ත්‍රී දයා ගමගේට අයිති සෙවනගල සීනි කමහල අල්ලාගෙන ඇති බව වාර්තා විය. ඔවුන් කම්හලේ කළමනාකරණයට එරෙහි කිසියම් කම්කරු විරෝධයක් සිය වාසිය පිණිස පාවිච්චි කරමින් සිටින බව ද පෙනේ. දයා ගමගේ මේ කම්හල 2002දී රජයෙන් මිළ දී ගත්තේ රු. මිලියන 550කට ය. ඒ කාලයේ තිබුණේ එජාප ආණ්ඩුවකි. දයා ගමගේ එහි ක්‍රෝනියෙක් හෙවත් ගජමිතුරු බිස්නස්කාරයෙකි. දැන් රජය මෙවැනි බිස්නස් කීපයක් සියතට ගැනීමට සැරසෙයි. ඒ සඳහා වූ Revival of Underperforming Enterprises and Underutilized Assets Act නම් වූ පනතක් හදිසි පනතක් ලෙස ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ය. මෙම පනතින් කරනු ලබන්නේ හරිහැටි ක්‍රියාත්මක නොවන ව්‍යවසාය හා අඩුවෙන් භාවිතා කර තිබෙන දේපල පවරා ගැනීමයි. මේ පනත පසු කලෙක සංශෝධනය කරමින් වෙනත් දේපල ද මෙසේ රජයට පවරා ගැනීමට පුළුවන. එසේ පවරා ගන්නා දේපල වැඩියෙන් පාවිච්චි කිරීම පිණිස චීනයට හෝ ඉන්දියාවට විකුණන්නට ද පුළුවන. දේශීය ව්‍යාපාරිකයන් මෙම දේපල අඩුවෙන් ප්‍රයෝජනයට ගෙන ඇත්නම් එයට ...