ජගත් පාරිසරික සමුළුව අසාර්ථක වෙයිද?
(2009 දෙසැම්බර් 14 - W3Lanka ) කෝපන්හේගන්හිදී දැන් පැවැත්වෙමින් තිබෙන ජගත් පාරිසරික සමුළුවේදී මේ දක්වා කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට රාජ්‍ය නියෝජිතයන් අසමත් වී තිබෙන බව ඇතැම් සමුළු සාමාජිකයෝ පවසා තිබේ. පසුගිය සිකුරාදා ඉදිරිපත් කරන ලද කෙටුම්පත් යෝජනාවක් සංවර්ධනය වන රටවල ප්‍රබල විවේචනයට ලක් වී තිබේ. අධික ජනගහණයකින් යුත් චීනය සහ ආසියාකරයේ නැඟී එන ආර්ථිකයන් සම්බන්ධයෙන් දැඩි වායු විමෝචන සීමා නියම කිරීමට ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍යය තිබේ. ඉකුත් නොවැම්බරයේදී චීනය හරිතාගාර වායු විමෝචනය අඩකින් කපාහැරීමට ප්‍රතිඥා දුන් චීනය ජගත් සමුළුවේදී වෙනස් අදහසක් පළ කරමින් කියා සිටියේ, සංවර්ධනය වන රටවල ප්‍රමුඛතාව හිමිවන්නේ දුප්පත්කම තුරන්කිරීමට සහ ආර්ථික සංවර්ධනයට බවයි. ජගත් සමුළුවේ ප්‍රධාන සැසි වාරය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත ය. එහිදී ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා, රුසියන් ජනාධිපති ඩිමිට්‍රි මෙද්වදේව්, චීන අගමැති වෙන් ජියාබාවෝ, ඉන්දීය අගමැති මන්මෝහන් සිං, බ්‍රසීලියානු ජනාධිපති ලුලා ද සිල්වා, ජපන් අගමැති යුකිඩ් හටෝයාමා සහ යුරෝපා හවුලේ නායකයන් සභාව ඇමතීමට නියමිතය. ...