Posts

Showing posts with the label ඡන්දය

ඡන්දෙ නැති විමල් වීරවංශ ඡන්දෙ දාන්න ආ හැටි | Wimal Weerawansa coming to 'not vote'

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka )  මෙම ඡායාරූපය අද දිනමිණ වෙබ් අඩවියේ පළ වන්නේ "ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලබේ පිට්ටුගල ශ්‍රී ප්‍රදර්ශනාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාව" යන හැඳින්වීම සහිතවයි. පසුගිය ජනාධිපතිවරණයේදී විමල් වීරවංශට ඡන්ද හිමිකම නොතිබුණු බව මාධ්‍ය වාර්තා කළහ. ඔහු ද ඒ බව ප්‍රතික්ෂේප කළේ නැත. මහ මැතිවරණයේදී යොදා ගනු ලැබුවේ ද ජනාධිපතිවරණයේදී යොදා ගනු ලැබූ ඡන්ද හිමි නාම ලේඛනයම ය. එසේ නම්, විමල් ඡන්දය දෙන්නට පැමිණ ඔහුට ඡන්දය නැති බව දැනගෙන ආපසු යන්නට ඇත.  ඡායාරූපය විකෘති කළේ අප නොව දිනමිණ වෙබ් අඩවිය විසින් ම බව කරුණාවෙන් සලකන්න. 

ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත | Minimum value of your vote

Image
අජිත් පැරකුම් ජයසිංහ -  ලංකාවේ අද වන විට නිර්මානය වී තිබෙන සමාජ දේශපාලන පරිසරය ප්‍රගතිශීලී අන්දමින් වෙනස් විය යුතු යයි සිතන සමාජ බලවේග අතර මේ වන විට ඇති වී තිබෙන්නේ තදබල මන්දෝත්සාහීභාවයකි. මැතිවරණ පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබෙන අතර ඒ ඔස්සේ සාධනීය සමාජ වෙනසක් අපේක්ෂා කළ නොහැකිය යන අදහස සමාජයේ මුල් බැස ගනිමින් ඇත. වැඩිදෙනෙක් තිබෙන තත්වය වෙනස් කිරීමේ අභියෝගයට උර දෙනවා වෙනුවට ඒ හරහා තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සාක්ෂාත් කර ගන්නේ කෙසේදැයි සිතන තත්වයට සමාජය පිරිහී තිබේ. මහ මැතිවරණය යනු එළිපිට කෙරෙන අදහස් මංකොල්ලයකි. ජනමතය තමන්ට උවමනා අන්දමින් හැඩගස්වා ගැනීම සඳහා දේශපාලකයන් විසින් භාවිතා කරනු ලබමින් තිබෙන්නේ අතිශය ප්‍රචණ්ඩ, දූෂිත ක්‍රමවේදයකි. ඇතැම් අපේක්ෂකයෝ නාම යෝජනා භාර දෙන්නටත් පෙර සිටම වියරුවෙන් මෙන් හැම විදුලි කණුවක්, බෝක්කුවක් ගානේමත්, හැම ජනමාධ්‍යයකිනුත් සිය මනාප අංකය ප්‍රදර්ශනය කර ගැනීම සඳහා වියරුවෙන් මෙන් ප්‍රචාරණයේ යෙදෙති. ඒ වෙනුවෙන් කරනු ලබන වියදම් අසිමිතය. දිළින්දන් දසලක්ෂ ගණනාවක සාගින්දර නැති කරන්නට පාන් පිළිස්සිය හැකි ආනයනික තිරිඟු පිටි ප්‍රමාණයක් තාප්පවල තැවරෙමින් තිබෙන්...