Posts

Showing posts with the label ඡන්ද ලකුණු

දේශපාලන පක්ෂ විකිණීමට තිබේ / Political parties of Sri Lanka are sold in market

Image
ලංකාවේ දේශපාලන පක්ෂ හිමියන් අතර උන්මත්තකයෝද සිටිති. කුරුණෑගල නගර සභාවට චන්ද්‍රිකා කුමාරතුංගගේ දුවගේ හා පුතාගේ නම් සහිත නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ යයි සැලකෙන පුද්ගලයා ඔහුගේ දේශපාලන පක්ෂය යයි කියන ජනතා බලවේග පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙග ඉල්ලා සිටිමින් චන්ද්‍රිකාට නිතර ලියුම් ලියන බව ඇගේ පෞද්ගලිත ලේකම්වරිය ජනමාධ්‍යවලට පවසා ඇත. ලංකාවේ දේශපාලන පක්ෂ 67ක් ඇත. එයින් බොහොමයක් බෝඩ් ලෑලි ය. ඒවායේ සාමාජිකත්වය, සංවිධාන, අරමුදල් ආදී සියල්ල ඇත්තේ ලිපි ගොනුවල පමණි. දේශපාලන පක්ෂ නායකයන්ට දේශපාලකයන් ලෙස නිල පිළි ගැනීමක් තිබේ. ඒ හරහා ඔවුහු යම් යම් වරප්‍රසාද භුක්ති විඳිති. මේ බෝඩ් ලෑලි පක්ෂ අතරින් සමහරක් පිහිටුවාගෙන ඇත්තේ තනිකර ම පටු අරමුණු වෙනුවෙනි. සන්ධානවලට නම් එකතු කරන විට, වැඩිපුර ඡන්ද පොළ නියෝජිතයන් පත් කර ගැනීමට හා ප්‍රචාරක කටයුතුවලදී වාසි ලබා ගැනීමට බොරු ලැයිස්තු ඉදිරිපත් කරන විට,  ඇතැම් සල්ලිකාරයන්ට දේශපාලනයට පිවිසෙන්නට තමන්ගේ ම පක්ෂ ඕනෑ විට හා පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ස්වාධීන පෙනුමක් ඇති ඡන්ද ලකුණු ඕනෑ වූ විට මෙකී පත්ෂ හිමිකාරයන්ට අවස්ථාව ලැබේ. ආනන්ද සංගරී දෙමළ එ...