පොළොන්නරුවේ බර උසුලන බබා හා ක්‍රීඩා අමාත්‍යංශයේ බබාලා
බොක්සිං ශූර මංජු වන්නිආරච්චිටත්, ඔහු බදා ගත් දේශපාලකයින්ටත් තහනම් උත්තේජක නිසා අහිමි වූ සරාගී පදක්කම (2011 මැයි 23, W3Lanka ) බර ඉසිලීමේ ශූර පොළොන්නරුවේ චින්තන ගීතාල් විදානගමගේ (විදානගේ ලෙස ද සඳහන් වේ) මුල් කාලයේ ජවිපෙට සමීපව කටයුතු කළ ක්‍රීඩකයෙකි. ඔහු ඒ කාලයේ ඒ බව ප්‍රසිද්ධියේ ම කීවේ ය. එය ඔහු තුළ අප දුටු විශේෂත්වයකි. මුදල් හඹා යන වත්මන් තරගකාරී ක්‍රීඩා ක්ෂේත්‍රයේ නරක ප්‍රවණතාවලින් මිදෙන්නට අවශ්‍ය ජීවිත ඥානය චින්තනට දෙන්නට ඔහු පසුබිමින් තිබුණු දේශපාලනයට ද හැකියාවක් තිබී නැති බව පෙනේ. එක අතකට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි විමල් වීරවංශට හෝ නන්දන ගුණතිලකට නැති ජීවිත ඥානයක් මේ තරුණයාට කොහෙන් ලැබෙන්න ද? පසුගියදා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු චින්තන ගීතාල් විදානගමගේ කිලෝග්‍රෑම් 162 ක බරක් ඔසවා රන් පදක්කම හිමි කර ගත්තේය. ඊට පෙර, 2006දී මෙල්බෝන්හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ කිලෝ ග්‍රෑම් 62 ක බර පන්තියෙන් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණ...