නියපොත්තෙන් යුක්තිය පසිඳලන ලංකාවේ අලුත් ආශ්චර්යය
(2011 මාර්තු 26, W3Lanka ) ඉතිහාසය පුරා ම අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් ආයතනයක් ලෙස නම් කරන ලදී. ආණ්ඩු පක්ෂයේ හිටපු උප ඇමතිවරයකු වූ චන්දන කත‍්‍රිආරච්චිට එරෙහිව වසර 14ක් තිස්සේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් නඩුවක චෝදනා ඉවත් කරගන්නට පෙබරවාරි මාසයේදී නීතිපතිවරයා තීරණය කළේ ය. එජාපයෙන් ආණ්ඩුවට කරණම් ගැසූ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් කාදර්ට එරෙහිව තිබූ සමෘද්ධි මුදල් වංචා නඩුවේ චෝදනාවලින් ද ඔහු නිදහස් කරන ලදී. මේ අලුත් ම ප්‍රවෘත්තියයි: දීර්ඝ කාලයක් තිස්‌සේ ඇසුරු කළ බාල වයස්‌කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා 24 වැනිදා නියෝග කළේය. 24 වැනිදා මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්‌ථාවේදී අගතියටපත් පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි එම්. සී. එම්. මුනිර් මහතා කරුණු දක්‌වමින් එම දැරියගෙන් විත්තියේ නීතිඥවරයා හරස් ප්‍රශ්න ඇසීමේදී එම සම්බන්ධය පිළි...