ලොව ලොකු ම පරිසර දූෂකයා වන චීනයේ සමාගම් නීති බල්ලාට දමයි
(2009 ඔක්තෝබර් 25 - W3Lanka ) පසුගියදා ඇමරිකා එක්සත් ජනපදය පරයමින් ලෝකයේ වැඩි ම හරිතාගාර වායු මුදාහරින්නා බවට පත් වූ චිනයේ ‘පාරිසරික තොරතුරු හෙළිදරව් කිරීමේ ක‍්‍රියාමාර්ග‘ නම් නීතිමය පියවර හ`දුන්වා දී වසරකට පසුව පවා ප‍්‍රධාන පෙළේ සමාගම් 18ක් ඒ අනුව කටයුතු කිරීමට අසමත් වී ඇති බව ග‍්‍රීන් පීස් ව්‍යාපාරය පවසයි. මෙම නීතිය අනුව කිසියම් සමාගමක් පාරිසරික නීති උල්ලංඝනය කරන බව පළාත් පාලන ආයතන විසින් දැනුම් දී මාසයක් ඇතුළත එම සමාගම් අදාළ පරිසර දූෂණ දත්ත එළිදැක්විය යුතුයි. එහෙත් බොහෝ සමාගම් මෙය මගහරින බව ග‍්‍රීන් පීස් පවසයි. ෂෙල්, සැම්සුං, නෙස්ලේ, එල්.ජී., ක‍්‍රාෆ්ට්, මෝටරෝලා, ඩෙන්සෝ හා බි‍්‍රජ්ස්ටන් යන බහු ජාතික සමාගම් ද මෙම පරිසර දූෂණ නිති උල්ලඝනය කරන්නන් අතර වෙති.