ජනාධිපතිතුමා ජෝගි නටන පිංතූර / The jogging President of Sri Lanka
ඡායාරූපවල සිටින ජනාධිපතිතුමා ජෝගි නටමින් සිටියි. නගරයෙන් ගමට ආ මිනිසුන් ජොගින් හෙවත් ව්‍යායාම සඳහා දිවීම කරන විට, ව්‍යාපාය සඳහා දිවීම පුරුදු නැති ගමේ මිනිස්සු එයට ජෝගි නටනවා ය කී බව 'ජෝගි නටනවා' යන වචනයට අප සොයා ගත් නිරුක්තියයි. වෙනත් අදහස් ඇති නම් සඳහන් කරන්න. ඡන්දදායක මහජනයා හැන්දෑවට ගොස් ගෝල් ෆේස් පිටිය පුරා කුණු දමති. නිලධාරි කුණු අදින කොන්ත්‍රාත්තුවෙන් පවා ගසා කන අතර හරි හමන් කසල කළමනාකරණයක් රටේ නැත. ජනාධිපතිතුමා උදේට ගොස් ඒ කුණු ගොඩේ ජොගිං කරයි. ජනාධිපති මාධ්‍ය අංශය කුණු ගොඩේ නටන ජනාධිපතිගේ ඡායාරූප ලෝක ප්‍රසිද්ධ කරයි. ජනාධිපතිතුමාත් සමග රටම ජෝගි නටයි. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න