Posts

Showing posts with the label ගොබෙල්ස්

ෆොන්සේකා-සම්බන්ධන් ගිවිසුම් ප්‍රබන්ධය හා රටේ අනාගතය

Image
අජිත් පැරකුම් ජයසිංහ- 2004 මහ මැතිවරණයේදී හා 2005 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට ප්‍රධාන ම හේතුවක් වූයේ ඊලම ලබා දීම සඳහා එජාපය හා කොටි සංවිධානය අතර ගිවිසුමක් තිබූ බවට වර්තමාන පාලක පක්ෂයට සම්බන්ධ ජාතිවාදීන් හා අද එයින් ඉවත් වී සිටින ජවිපෙ, මංගල සමරවීර වැනි අය විසින් ගෙන යන ලද ප්‍රචාරයයි. අඩ දශකයකට පසුව පවා මෙම අලි-කොටි ගිවිසුමේ පිටපතක් තවමත් කිසිවකු විසින් හෙළිදරව් කරගෙන නැත. එවැනි ගිවිසුමක් නො පැවති මුත් එසේ තිබිණි යයි ගෙන යන ලද ප්‍රචාරය විසින් එජාපයට කළ හැකි දැවැන්ත ම හානිය කළේය. එපමණක් නොව සාම ක්‍රියාවලිය බිඳ වැටීමට හා විනාශකාරී යුද්ධයකට රට තල්ලු වීමට ද එය එක් හේතුවක් වූ අතර, යුද්ධය හේතුවෙන් විශාල ජීවිත හා දේපල හානියක් සිදු විය. යුද්ධයෙන් රජයේ පාර්ශ්වය ජය ගත් බව සත්‍යයකි. එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය විසඳී නැත. සිදු වී ඇත්තේ එය අළු යට සැඟවීමක් පමණි. අරමුණක අවසානය විසින් එහි ගමන් මාර්ගය සාධාරණීකරණය කරන්නේ නැත. ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නය විසඳීම සඳහා තිබුණු එක ම මාර්ගය මේ විනාශකාරී යුද්ධය නොවේ. දැන් නැවතත් මැතිවරණ සමයක් එළඹ තිබේ. දෙමළ විරෝධී ජාතිවාදය පැතිරවීම හා රට බෙදන...