අරාබියෙන් කස පහර කා ලංකාවෙන් අපහාස ලබන ආශ්චර්යයේ වහල්ලු
කස පහර කෑ පිටක් (2011 ජුනි 07, W3Lanka ) ලංකාවේ දේශපාලකයන් ආසියාවේ ආශ්චර්යය ගැන කතා කළත් ලංකාවේ රැකියා විරහිත විශාල පිරිසක් කරන්නේ අරාබිය, උතුරු අප්‍රිකාව, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල්, ඇමරිකාව, කැනඩාව වැනි රටවල සාමාන්‍ය පංතික මිනිසුන්ගේ කසල ශෝධනය, ඉඳුල් පිඟන් සේදීම වැනි පහත් රැකියා ය. එහෙත්, ආසියාවේ ආශ්චර්යයේ ප්‍රධාන විදේශ ආදායම් උත්පාදන මාර්ගය වන්නේ ඔවුහු ය. ලංකාවේ ජීවත් වීමේ මාර්ගයක් නැති අහිංසකයන් ලක්ෂ ගණනක් අරාබියේ සාමාන්‍ය පංතික මිනිසුන්ගේ වහලුන් ලෙස වැඩ කරන බව ජාතියේ ආඩම්බරකාර තාත්තලා, බාප්පලා, පුතාලා හොඳින් දනිති. මේ රටේ සිදු වන ආර්ථික විගඩම් බොහොමයක බරපැන දරන්නේ මේ වහල්ලු ය. ඔවුන්ට අයිතිවාසිකම් නැත. ගෘහ සේවිකා වහලියකගේ ඇඟේ ඇණ ගැසූ කිසිදු හාම්පුතකුට එරට අධිකරණයකින් දඬුවමක් ලබා දීමට ලංකාවේ රජය සමත් වී නැත. ලංකාවේ මෙන් ම අරාබියේ ද ඒජන්සිකාරයන්ගේ හොර වැඩ නිසා අඩු වයසින් අරාබියට ගිය, බාල වයස්තාර දැරියකව සිටියදී එරට අධිකරණයකින් මිනීමැරුමක වැරදිකාරිය බවට පත් කරන ලද රිසානා නෆීක්ට සාධාරණයක් ලබා දීමට තවමත් ලංකාවේ රජය සමත් වී නැත. ඇය නිදහස් කරන ලෙස ලංකාවේ රාජ්‍ය නා...