මෙවැනි ගිනස් වාර්තා පිහිටුවීම වීරකමක්ද?
(2009 ඔක්තෝබර් 19 - W3Lanka ) අඟල් පහක් දිග යකඩ ඇණ 522ක් ගැසූ ලෑල්ලක වැතිරී කිලෝ 618ක කොන්ක්‍රීට් තහඩු 13ක් එකවර තිදෙනකු ලවා කුළුගෙඩි වලින් බිඳ දමමින් අනුරාධපුරයේ වසන්ත සොයිසා නම් ගිනස් වාර්තා ලෝලියා තවත් ගිනස් වාර්තාවක් පිහිටුවන ආකාරය ලංකාදීප පුවත්පතේ පළ වූ මෙම ඡායාරූපයෙන් දැක්වේ. ජනමාධ්‍ය විසින් මෙවැනි ක්‍රියා වීරත්වයට නැඟීම හේතුවෙන් තවත් මෙවැනි අසාමාන්‍ය ක්‍රියාවලට මිනිස්සු පෙළඹෙති. විශ්ව කීර්තියට පත් වීමට කැමති මෙවැනි පුද්ගලයන්ට යම් පිළිගත් ක්‍රීඩාවක් ඔස්සේ තම දක්ෂකම් විදහා දැක්වීමට අවස්ථාවක් නැති වීම හේතුවෙන් මේ අන්දමේ අවදානම් සහගත, ස්වයං හිංසාකාරී ක්‍රියා ඔස්සේ ඉතිහාසගත වීමට උත්සාහ දරනු දක්නට ලැබේ. මේ පුද්ගලයන්ගේ මානසික, ශාරීරික සෞඛ්‍යයට හා ජීවිතයට මෙම ක්‍රියා කෙසේ බලපානු ඇද්ද යන්න කිසිවෙක් නො දනිති. මේවා ක්‍රීඩා නොවේ. යම් යම් අසාමාන්‍ය ක්‍රියායි. දියුණු සමාජයක මිනිසුන් වාර්තා ගත වීම පිණිස මෙවැනි ක්‍රියාවලට නො පෙළඹිය යුතු යයි අපි සිතමු. මෙම සමාජ ගැටළුව කෙරෙහි ඔබේ අවධානය යොමු විය යුතු නේද?