Posts

Showing posts with the label ගෑස්

ගෑස් මිළ වැඩි වුණේ ඇමතිගේ වරදින් ද? | Is Minister of Trade and cooperatives only culprit of price increases?

Image
(2010 මැයි 07 -  W3Lanka )  අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ ඉහල දමා ඇත. මේ අනුව ෂෙප්ගෑස් සිලින්ඩරයක මිල රු.219කින්ද, ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු.323කින් ඉහල දමා ඇත.තවද මෙම මිළ ඉහල දැමීම අනුව රු.1550ට තිබු ෂෙල් ගෑස් සිලින්ඩරය රු.1769 දක්වා ඉහල නගින අතර රු.1421ට තිබු ලාෆ්ස් ගෑස් සිලින්ඩරය මිල රු.1744 දක්වාද මිල ඉහල දමා ඇත. "අළුත් කැබිනෙට්ටුවේ වෙළඳ කටයුතු අමාත්‍යවරයා යනු මහජනයා වෙනුවෙන් ගෑස් සමාගම් සමග කොන්දේසි විරහිතව සටන් වදින්නෙක්ද නොඑසේනම් ගෑස් සමාගමේ මිලවැඩිකිරීම් සමබන්ධයෙන් මාධ්‍ය සාකච්ඡ කැඳවන්නෙක් පමණක්දැයි සාමාන්‍ය සමාජයේ මහජනයා තුල සැක සංකා මෝදු වෙමින් පවතින බවද අප වෙත වාර්තා වෙයි," යනුවෙන් මේ පිළිබඳ අමුතු විග්‍රහයක් සඳහන් වන්නේ විමල් වීරවංශ ඇමතිවරයා සමග සම්බන්ධ ලංකා සී නිව්ස් වෙබ් අඩවියයි. මේ වනාහි, කැබිනට් සාමූහික වගකීමෙන් මිදී ජනප්‍රිය වන්නට දරන උත්සාහයකි. බඩු මිළ වැඩි වීම සම්බන්ධයෙන් වෙළඳ හා පාරිභෝගික ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බනිමින් ආණ්ඩුව හා ජනාධිපති බේරීම වංචනික ක්‍රියාවකි. බඩු මිල අඩු කරන්නට උවමනා ඇමතින්ට බදු අඩු කරන්නැය...

ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක්; මෙන්න මුං අපේ බඩට ගහන හැටි

(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ගෑස් සිලින්ඩරයකින් රු. 400ක බද්දක් අය කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඊයේ පැවසුවේ බදු තීරණය කරන්නේ කාටවත් ඕනෑ විදියට නොව කැබිනට්‌ මණ්‌ඩලයට (ඕනෑ විදියට) බව ද එක් කරමිනි. රජයේ සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, රජයේ සංවර්ධන වැඩ සිදුකරන්නේ බදු මුදලින් නිසා බදු අඩු කරන්නට නොහැකි බව ද වෙළෙඳ ඇමැතිවරයා පැවැසීය. එසේම ඇමතිවරුන්ට පමණක් නොව නෝනලාට හා බල්ලන්ට පවා සුඛෝපභෝගී වාහන, ඒවාට ඉන්ධන, ගෙවල් කුලී, විදෙස් චාරිකා ඇතුළු වරප්‍රසාද, වෙනත් සම්තිං හා ආතල් සපයන්නේ ද දිළින්දන්ගෙන් මහ දවල් මංකොල්ල කන මේ බදු මුදල්වලින් බව කියන්නට උවමනා නැත. ආනයනය කරන සීනි කිලෝවකට රුපියල් 16ක්‌ද, බී ළූනු කිලෝවකට රුපියල් 25 ක්‌ ද, මිරිස්‌ කිලෝවකට රුපියල් 40 ක්‌ද, සහල් කිලෝවකට රුපියල් 25 ක්‌ ද වශයෙන් රජය බදු අයකරන බව ද ඇමැතිවරයා පැවැසීය. බඩගිනි නම්, කෑම රස නැති නම්, ගාන ...

එක් කෑම වේලක් පිසින්න යන ගෑස්වලින් පමණක් ආණ්ඩුවට රු. පහක් විතර බදු

Image
(2009 සැප්තැම්බර් 01 - W3Lanka) කිලෝ 13.5 ෂෙල් ගෑස් සිලින්ඩරයක මිළ රු. 103කින් ද, ලාෆ් ගෑස් සිලින්ඩරයක මිළ රු. 69කින්ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අදාළ සමාගම්වලට අවසර දී තිබේ.  ඒ අනුව ෂෙල් දැන් රු.1550කි. ලාෆ් රු.1476කි. සාමාන්‍යයෙන් ගත් කල ඉතා පිරිමැස්මෙන් ගෑස් භාවිතා කරන පස් දෙනෙකුගෙන් යුත් පවුලකට එක් ආහාර වේලක් පිසීම සඳහා රු. 10ක් පමණ වැය වේ. ගෑස් මිළ වැඩි වන්නේ ලෝක වෙළඳපොළේ මිළ වැඩි වීම නිසාය යන සුපුරුදු මන්තරය දැන් යළිත් මතුරනු ඇසේ. ඇත්තෙන්ම ලංකාවේ ජනයාට ගෑස් සඳහා මෙතරම් මිළක් ගෙවීමට සිදු වී තිබෙන්නේ රජය අය කරන සියයට සියයකට ආසන්න ඍජු හා වක්‍ර බදු නිසා බව අපේ අදහසයි. එය එසේ නොවේ නම් ගෑස්වලින් අය කරන සැබෑ බදු ප්‍රතිශතය කීයදැයි රජය හෙළිදරව් කළ යුතුය. බත් පත උයා ගන්නා ගින්දරිනුත් මෙපමණ බදු ගින්දරක් දෙන රජය අපට සලසන සේවාව කුමක්ද?