එල්ෆින්ස්ටන් ඉදිරිපිට ගාමිනිගේ පිළිරුවක් අද විවෘත වේ
(2009 සැප්තැම්බර් 30 - W3Lanka ) සිංහල සිනමාවේ විශිෂ්ඨ නළුවකු සහ අධ්‍යක්ෂවරයකු වූ ගාමිනි ෆොන්සේකා අභාවප්‍රාප්ත වී පස් වසක් සපිරෙන අද සවස මරදානේ එල්ෆින්ස්ටන් රංග ශාලාව ඉදිරිපිට ඉදි කරනු ලැබූ ඔහුගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. Show all 1936 මාර්තු 21 වැනිදා දෙහිවලදී උපත ලැබ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ගාමිනි ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා වූ ‘විලි බ්ලේක්’ ගේ සහයකයා සහ නළුවකු ලෙස සිනමාවට පිවිසියේය. 2004 සැප්තැම්බර් 30 දින ගාමිනි ෆොන්සේකා දිවියෙන් සමු ගත්තේය.