එළ කිරි බීම, ගව මස් කෑම හා මිහිතලය උණුසුම් කිරීම
පසුගිය දවස්වල ලංකාවේ ගව මස් කෑම ගැන ලොකු කතා බහක් ඇති වුණා. ගව ඝාතනය නවත්වන්නැයි ඉල්ලමින් හාමුදුරු නමක් තමන් ම ඝාතනය කර ගත්තා. ලංකාවේ මිනිස්සු ඈත අතීතයේ සිට ම මස් කෑ බවත්, බුද්ධාගමත්, මස් කෑමත් අතර ලොකු ගැටුමක් නො තිබුණු බවත් මෑත ඉතිහාසය අධ්යයනය කිරීමෙන් පවා දැක ගන්න පුළුවන්. ආගමික මූලධර්මවාදයන් ඉස්මතු වීමත් සමග කලින් වඩා ලිබරල් ලක්ෂණ කැටි කරගෙන සිටි බෞද්ධ සමාජයත් දැඩි ආගම්වාදී ස්වරූපයක් ගන්නට පටන් ගත් බව ඔබ දන්නවානේ. ඒ නිසා ගවමස් කෑම ගැන ලොකු විරෝධයක් රටේ ඇති වෙන්න පටන් ගත්තා. හැබැයි, කුකුළු මස් කෑම සම්බන්ධයෙන් එහෙම ගැටලුවක් ඇති වුණේ නැහැ. බෞද්ධයන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය කියා හිතෙන තරමට කුකුළු මස් කඩ හැම තැන ම පැතිරුණා. කොහොමත්, නව ලෝකයේ පාරිභෝගිකයා සතුන් මරාගෙන මස් කන කෙනෙක් නොවෙයි. සතකු නො දැක, සකසන ලද මස් සුපිරි වෙළඳ සලෙන් මිළ දී ගෙන කෑම තමයි ඔහුගේ ක්රමය. කොහොම වුණත්, විශේෂයෙන් ම මිනිසාගේ ගව මස් කෑමේ රුචිය නිසා මිහිතලය උණුසුම් වීමේ ගැටලුව තීව්ර වෙලා. මිහිතලය උණුසුම් වෙනවා කියන්නේ මොකක් ද? ෆොසිල ඉන්ධන දහනය වැනි මිනිස් ක්රියාකාරකම් න...