Posts

Showing posts with the label ගමේ විත්ති

එහෙම නැහැ හාමුදුරුවනේ

Image
ස්ලොත් ඉස්සර අපේ ගමේ බණ ගෙවල්වල අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරපු චරිතයක් තමයි මෝනිස් අයියා. මෝනිස් අයියා රුක් වඩුවෙක්. ඒ කියන්නේ ගස් කපන්නෙක්. ඔහු මිටියි. වැඩ කරලා ම පෙනුම බොහොම රළුයි. කර්කශයි. ඒත්, ඔහු අහිංසක මිනිහෙක්. වැඩත් ටිකක් හෙමින්. හැබැයි සීරුවෙන්. කෙටි අත් පොරවත් අතින් අරගෙන මෝනිස් අයියා හෙමින් සැරේ ගස් දිගේ යන්නෙ හරියට අර මහා කම්මැලි පෙනුමක් තිබෙන ස්ලොත් (sloth) වර්ගයේ සතෙකු වගෙයි. මට මතක විදියට මෝනිස් අයියා ඉරුම් පට්ටල් වැඩ කළේ නැහැ. ගස් කපන එක තමයි කළේ. ලී කොට පලංචිය උඩ තියාගෙන සති ගණන් තිස්සේ ඉරන ඉරුම්කාර යුගල අතර මෝනිස් අයියා ඉන්නවා දැකපු බවක් මට මතක නැහැ. මෝනිස් අයියා පන්සලේ හොඳ උපාසකයෙක්. පසළොස්වක පෝයට සිල් ගන්නවා විතරක් නෙමෙයි, ගමේ ම බණ ගෙවල්වලට හාමුදුරුවන් එක්ක පසුගමන් යන්නත් මෝනිස් අයියා එකතු වුණා. මෝනිස් අයියාගේ රාජකාරිය මොකක් ද දන්නවා ද? හාමුදුරුවන් බණට කියන වාක්‍යයක්, වාක්‍යයක් ගානේ මෝනිස් අයිය “එහෙමයි හාමුදුරුවනේ" යි කියනවා. වැදගත් කෑලිවලදි සාදු කියනවා. හැබැයි, ඔය මාතර පැත්තේ වගේ බණ දෙසන හාමුදුරුවන් “බුදු රජාණන් වහන්සේ" කියන කොට ම සාාාදු ක...