Posts

Showing posts with the label ගංගොඩවිල සෝම හිමි

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය

Image
බෝවත්තේ ‍ඉන්ද්‍රසාර හිමියන්ගේ ආදාහනය අද ඔහුගේ ගමේදී පැවැත්විණි. ඡායාරූපවලින් පෙනෙන ආකාරයට එයට ලොකු සෙනගක් සහභාගි වී නැත. කොළඹ සිංහල බෞද්ධ වීරයන්ට කහවත්ත දුර වැඩි හෝ තමන් වැඩ කරන තැන්වල නිවාඩු නැති හෝ වන්නට ඇත. මා දුටු තවත් දෙයක් වන්නේ පුද්ගලයන් දෙතුන් දෙනෙකු ඉන්නා සංවිධාන ඉටි රෙදි කපා, කෝටුවල අමුණා අතන මෙතක කහ කොඩි දැම්මා මිස ජනතාව ස්වේච්ඡාවෙන් කහ කොඩි දැමීමක් කළේ නැති බවයි. ඉන්ද්‍රසාර හිමියන් ගිනි තබා ගත් මහනුවර නගරයේ පවා කහ කොඩි නො එසවීම පිළිබඳ උරණ වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වරණතිලක මැයි 27දා දහවල් මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානය අසල පැවැති රැස්වීමකදී "හෙට දහවල් 12 වෙන්නට පෙර මහනුවර කහ කොඩි දමන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි හෙට ක්‍රියා මාර්ගයක් ගන්නවා" යි කී බව වාර්තා විය. මිනිස්සු මේ ගිනි තබා ගැනීම ගැන කතා කරනු ඇසුණ මුත්, ඒ ගැන කම්පනයක් ඇති වී තිබුණු බවක් නම් දක්නට නො ලැබිණි. වෙසක් තොරණ්, පහන් කූඩු, දන්සල් ආදිය ගැන මිනිස්සු ඊට වඩා කතා කළ හ. සිංහල බෞද්ධ ජනතාව කිසිවක් සිදු නො වූවා සේ වෙසක් බලන්නට යනු පෙනිණි. ඉගෙන ගන්නවා නම් සිංහල බෞද්...

සෝම හිමිට, හිටපු පොලිස්පතිට ආචාර්ය උපාධි දුන් විශ්ව විද්‍යාලය ගැන

Image
උපාධියක් හෝ අධ්‍යයන තානාත්තරයක් පිරිනැමීම සඳහා රුසියාවේ, ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි ‘මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයට’ බලයක් නැති බව ද එම නිසා එම විශ්වවිද්‍යාලයෙන් පිරිනමන විද්‍යා උපාධි ආචාර්ය උපාධි හා මහාචාර්ය උපාධි එරට රජය මගින් නො පිළිගන්නා බව ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මේ හේතුව මත රුසියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසත් විමසිල්ලෙන් පසුවීම ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාවට දැනුම් දෙයි. (උපුටා ගැනීම අද දිනමිණ පුවත්පතෙනි.) මේ 'මුලික අධ්‍යයනයන් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය' කුමක්ද? ලංකාවේ ප්‍රසිද්ධ වී ඇති පරිදි, 2003දී ගංගොඩවිල සෝම හිමියන්ට ආචාර්ය උපාධියක් පිරිනමා කතෝලික කුමන්ත්‍රණයකින් අපවත් කළේ මේ විශ්ව විද්‍යාලය විසිනි. ජාතික හෙළ උරුමය බිහි වන්නට පදනම වැටුණේ එකී මරණය නිසා ය. අද සෝම හිමියන් ගැන කතා නො කළාට චම්පික රණවකගේ සිට ජාතික හෙළ උරුම දේශපාලකයන් එහිමියන්ට ණය ය. හිනා කා මැරෙන වැඩේ වන්නේ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ආචාර්ය මහින්ද බාලස...

සෝම හිමියන්ගේ 'අපවත් කිරීමෙන්' සත් වසරකට පසු

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )  ගංගොඩවිල සෝම හිමියන් අපවත් කර  දෙසැම්බර් 12දාට සත් වසරකි. අපවත් කිරීම යන නව යෙදුම සිංහල වාග් කෝෂයට එකතු වුණේ එහිමියන්ගේ අභාවයත් සමගයි.  දැඩි ලෙස රෝගාතුරව සිටි සෝම හිමියන් ශීත ඍතුවේ රුසියාවට යන්නේ ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න‍ටයි.  සෝම හිමියන් අපවත් කිරීම පිණිස එරටට ගෙන්වා ගැනීමට මෙම ආචාර්ය උපාධිය (ඇමක් ලෙස) පාවිච්චි කරන ලද බවට එදා සිහල උරුමය විසින් චෝදනා කරන ලදී.  මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබූ අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එක් කොමිෂන් සාමාජිකයකු පවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි. සෝම හිමියන් අපවත් කිරීමෙන් සය වසරකට පසු පොලිස්පති මහින්ද බාලසූරිය ද එම විශ්ව විද්‍යාලයට යන්නේ ය. ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නොව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටයි. එහෙත්, ඔහු ඝාතනය කිරීමක් නම් සිදු වූයේ නැත.  ආචාර්ය උපාධි පිරිනැමීම සඳහා ඒ ඒ විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ ක්‍රමවේද තිබ...