Posts

Showing posts with the label ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

එළකිරි වගේ තෙල් බෙදෙන බව රජයේ මාධ්‍ය පවසති

Image
(2009 ඔක්තෝබර්  24 - W3Lanka ) කවුරුන් කොහොම එකතුවෙලා කෑ ගැසුවත් සුපුරුදු අයුරින් තෙල් බෙදාහැරීම් සහ පිරවුම් කටයුතු සාර්ථකව සිදුවෙනවා යැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති චේතික ඒකනායක මහතා ප්‍රකාශ කළේ යයි අද දිනමිණ වාර්තා කළේය.  මේ අනුව, රජයේ නො වන ජනමාධ්‍ය විසින් ප්‍රසිද්ධ කරන ලද මෙහි දැක්වෙන ඡායාරූපය වැනි රූප සියල්ල ම දෘෂ්ටි මායාවන් විය යුතු ය.  ඛනිජ තෙල් සංස්‌ථාවේ සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඊයේ (23 දා) සිට බොහෝ ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට ඉන්ධන ලබාගැනීමේ දිගු පෝළිම් දැකගත හැකිවිය. ඡායාරූපයේ දැක්‌වෙන්නේ කොළඹ කොටහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක්‌ ඉදිරිපිට වාහන පෙළගැසී තිබූ අයුරුය. දිවයින පුවත්පතේ අප ඉහත පළ කළ ඡායාරූපයට යටින් දක්නට ලැබුණු මෙම සටහන වැනි පුවත් ‍බොරු විය යුතු ය. ඔවුන් මෙවැනි බොරු කියන්නේ මහජනතාව කැළඹීමට නම් වහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය. ඔබ මෙවැනි දසුන් දුටුවා නම් අද ම ඔබේ ඇස...