Posts

Showing posts with the label කොළඹ අධිකාරිය

වළංකාරයාගේ කොළඹ නගර සභාව හා පොලුකාරයාගේ අධිකාරිය | The death toll of Colombo Municipal Council and the Authority of the authoritarians

Image
කණ්ණාඩි ඉමිටියාස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් මොහොත ( 2010 සැප්තැම්බර් 21,  W3Lanka )  එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මාර ඇත්තක් කියා තිබේ. එනම්, ආණ්ඩුව ළඟදී ම පාර්ලිමේන්තුව වෙනුවට ද අධිකාරියක් ඇති කරන්නට ඉඩ තිබෙන බවයි. මෙසේ කියන්නට හේතු වී තිබෙන්නේ කොළඹ නගර සභාව විසුරුවා හැර අධිකාරියක් පිහිටුවීමට යන බව ආණ්ඩුව නිවේදනය කිරීම නිසා ය. මේ අධිකාරිය ජනාධිපති සහෝදර ආරක්ෂක ලේකම්තුමාගේ අධිකාරයට යටත් ය. කොළඹ නගර සභාව පිහිටුවනු ලැබුවේ 1865දී ය. එනම් අවුරුදු 145කට පෙරදී ය. සුද්දා එය පිහිටවූයේ ස්වයං පාලනය ගැන ලාංකිකයන්ට පුහුණුවක් දෙන්නට බව කොළඹ නගර සභාවේ වෙබ් අඩවියේ ම සඳහන් වේ. ඒ.ඊ. ගුණසිංහ, ඇන්.ඇම්. පෙරේරා වැනි කීර්තිමත්, ඉතිහාසගත පුද්ගලයෝ කොළඹ නගරාධිපති පදවිය දැරූ හ. පනස් වසරක් කොළඹ නගර සභාවේ බලය ඉසිලූ එක්සත් ජාතික පක්ෂයට 2006දී එම නගර සභාව වෙනුවෙන් පිළිගත හැකි නාම යෝජනා පත්‍රයක් සකසා ගත නො හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස එය ප්‍රතික්ෂේප විය. අනතුරුව, එජාපය කණ්ණාඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමකට උදව් කළ අතර, ආණ්ඩුව පසුගියදා සිය විධායක ...