Posts

Showing posts with the label කේ.පී. සසි

ඇමරිකාව ගැන කේරළයෙන් බිහි වූ විකට ගීතය ඔබත් දුටුවා ද?

Image
කේ.පී. සසි ( 2010 නොවැම්බර් 26,  W3Lanka )   මීට වසර කීපයකට පෙර ලෝක සමාජ සමුළුව නම් ගෝලීය ධනවාදයට එරෙහි ජාත්‍යන්තර සමාජ ව්‍යාපාරය දියත් වූ සමයේ ඉන්දියාවේ කේරළයෙන් එළි දුටු මෙම ගීතය එකල අරගල බිමේ මහත් සේ ජනප්‍රිය විය. ලංකාවේ ද සමාජ සමුළුවලදී වාදනය වූ මෙම ජනප්‍රිය වීඩියෝව නිර්මානය කළ කේ.පී. සසී මීට වසර කීපයකට පෙර මෙම ලේඛකයාට සිනමා වැඩමුළුවකදී පහසුකම් සපයන්නකු ලෙස හමු විය. ඔහු සිනමාකරුවකු මෙන් ම සමාජ ක්‍රියාකාරිකයෙකි. සොඳුරු මිනිසෙකි. ඔහුගේ සිනමාකරණය ඉන්දීය සිනමාවේ ප්‍රධාන ධාරාවෙන් බැහැරව සමාජ අරගල භූමිවල පවතින්නකි. ඔහු සිය සිනමා නිර්මානවල සංගත තැටිත් අරගෙන තැනින් තැන යන සැරිසරන්නෙකි.  ඔහුගේ අදහස් හා නිර්මාන පිළිබඳ විස්තර සදහා මෙම පිටුව බලන්න.  මෙම ගීතයේ ඉංග්‍රීසි උච්චාරණය මලයාලි ඌරුවට සිදු වන නිසා ඒ ඉංග්‍රීසි ඉංග්‍රීසියෙන් ම උප සිරැසි කර ඇත. ගීතයේ තනුව පිළිබඳ ලේඛකයා සසිගෙන් විමසූ විට එය ලංකාවේ ගීයක තනුවක් බව හේ පැවසී ය. සුරංගනීට මාළු ගෙනාවා ගීය දකුණු ඉන්දියාවේ ජනප්‍රිය වන්නට ඇත්තේ එය ගායනා කළ ගෝල්ඩන් චයිම්ස් ගායක මනෝහරන් 83 ජුලි කලබලවලින් පසුව කලක් දකුණ...