Posts

Showing posts with the label කේන්ද්‍රය

ධනවාදයට එරෙහි විවේචන ගැන සංවාදය

Image
( 2011 ජනවාරි 16,  W3Lanka )    අප ධනවාදය විවේචනය කරමින් නව සමාජවාදයක් සඳහා වූ ලෝක සංවාදය හා සමග සම්බන්ධ වන්නට උත්සාහ කරන්නෙමු. අපගේ පාඨකයන් අපගේ අදහස් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාර මෙම සංවාදය පෝෂණය කිරීමෙහි ලා මහෝපකාරී වේ. අප පහත පළ කරන්නේ එම සංවාදයේ වැදගත් අදහස් දැක්වීම් දෙකකි. මෙම සංවාදයට සම්බන්ධ වන ලෙස අපි සමාජ ක්‍රියාධරයන්ට සහෝදරත්වයෙන් ආරාධනා කරන්නෙමු. ඔබේ අදහස් ඊමේල් මගින් ද එවිය හැකි ය. ලිපිනය ඩබ්ලිව්ත්‍රීලංකාඇට්ජීමේල්ඩොට්කොම් ය. නැතිනම් ඔබගේ බ්ලොග් සටහන්වල සබඳතා පුරුක් දන්වා එවන්න.  සුජීව කොකාවිල මෙසේ පවසයි.  - බල්ලන් මරා හෝ සල්ලි හොයන "ධනවාදයේ" අප හිරවී සිටියදී ඉතාමත් ඉහල ජිවන තත්වයකට ලොව බොහෝ "ධනවාදී" රටවල් පැමිණ ඇත්තේ කෙසේද? - ධනවාදයේ අර්ථ දැක්වීම [ඔබට අනුව] සමාජවාදී නොවන වෙනත් ඕනෑම ක්‍රමයක් යන්න ද? - ධනවාදී නොවන [ඔබට අනුව] වෙනත් ක්‍රමයකින් පාලනය වන/වූ [මෑත ඉතිහාසයේ] රටකට උදාහරණයක් දෙන්න. - මේකට හේතුව ධනවාදී ත් නොවන සමාජවාදිත් නොවන පක්ෂග්‍රාහී බඩගෝස්තර වාදයක් ලංකාවේ ක්‍රියාත්මක වීම නොවේද? මා මෙහෙම ලිව්වේ අහවල් වාදයකටවත් මට ඇති කැක්කුම...